
පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හය දෙනෙකුට, ඉස්ලාමාබාද් මහාධිකරණයේ විනිසුරුවරුන් අට දෙනෙකුට සහ ලාහෝර් මහාධිකරණයේ විනිසුරුවරුන් 6 දෙනෙකුට පසුගිය දිනවල විෂ සහිත කුඩු වර්ගයක් ඇතුළත් ලිපි ලැබීමේ සිදුවීමකින් විනිසුරුවරුන් භීතියට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තත්ත්වය මත ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලාහෝර් මහාධිකරණය නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව මින් ඉදිරියට විනිසුරුවරුන්ට ලැබෙන ලිපි ඔවුන්ගේ නිලධාරීන්ට බාර දීමට පෙර නියෝජ්‍ය පොලිස් අධිකාරිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කාර්යාලයකදී පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
එවැනි ලිපි බෙදා දුන් එක්තරා තැපැල්කරුවකු ප්‍රකාශ කර ඇත්තේ ලිපි බෙදා හැරීම සිය සාමාන්‍යය කාර්යයක් බවය. එම ලියුම් කවරයේ ඇත්තේ කුමක්දැයි තමා නොදන්නා බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද මින් ඉදිරියට ලිපි බෙදා හැරීමේදී සියලු තැපැල්කරුවන්ගේ ආරක්ෂාවට මුව ආවරණ සහ අත්වැසුම් පලඳින ලෙස උපදෙස් දී ඇති අතර, විශේෂයෙන් විනිසුරුවරුන්ට සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට ලැබෙන ලිපි හොඳින් පරීක්ෂා කරන ලෙසත් නියෝග කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval