
පොලිස් පෙම්වතා සමග ඇතිවූ අමනාපයක් මත හට ගත් සිත් තැවුල නිසා එක්තරා ඖෂධ වර්ගයක් අධි මත්‍රාවකින් පානය කළ බව කියන කොස්තාපල්වරියක රෝගාතුරව නාරහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර සිටින බව නාරහේන්පිට පොලිසිය සදහන් කරයි.
මෙම සිද්ධියට අදාළව කොස්තාපල්වරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ යැයි කියන කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත. කොස්තාපල්වරිය සම්බන්ධයෙන් ද විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.පොලිස් කොස්තාපල්වරයා සහ කොස්තාපල්වරිය පොලිස් කොට්ඨාස දෙකක රාජකාරියේ නිරතව සිටින දෙදෙනෙකි. නාරහෙන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval