A-vehicle-caught-fire-on-the-Dehiwala-flyover

දෙහිවල ගුවන් පාලම උඩ මැද කොටසේදී හදිසියේ කාර්රථයක් ගිනි ගැනීමට ලක්වී බරපතළ හානි සිදුවී ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.මෙම කාර් රථය කොළඹ දෙස සිට ගුවන් පාලමට ඇතුළුවී ගමන් කරන අතර වාරයේ පාලම උඩ මැද කොටසදී හදිසියේ ගිනි ගැනීමට ලක්වී ඇති අතර රියදුරු පමණක් එහි සීට ඇති අතර ගිනිගත් සැනින් ඔහු දොරගුළු විවර කරගන එළියට පැන ඇති බැවින් ඔහුට කිසිදු තුවාලයක් හෝ සිදුවී නොමැති අතර, කාර්රථයේ ඉදිරිපස එන්ජින් කොටසේ හටගත් ගින්න පැතිර ගොස් ඇත.

සිද්ධිය සැලවීමත් සමග දෙහිවල පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් වහාම වාහන සියල්ල ඉවත් කර පාලම දෙපසින් වසා දැමීමට කටයුතු කර ඇති අතර

වහාම පැමිණි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ස්ථාන බාර නිලධාරී ආර්.ජී.මාබුල මහතා ඇතුළු ගිනි භටයින් දහයක පමණ සමග ගිනි නිවන රථ දෙකක් පැමිණ වහා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය.

දෙහිවල එච්. එම්. ධර්මපාල