foxhill-accident

 දියතලාවේ ඊයේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.අනතුරින් පුද්ගලයින් 26කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි. දියතලාව, නරියාකන්දේ දී පැවති “ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් ” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතරතුරදී සිදුවූ දරුණු අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
“යතුරුපැදි හා මෝටර් රථ තරග මාරු­වෙන් මාරු­ව­ටයි පැවැ­ත්වුණේ.‍ හව­සත් මෝටර් රථ තර­ග­යක් තිබුණා. කාලෙ­කට පස්සේයි අපිට මේ වගේ තර­ග­යක් බලන්න හම්බ වුණේ. ඒ නිසා ආසා­වෙන් බලා­ගෙන හිටියා. පැයට කිලෝමීටර් 160ක පමණ වේග­යෙන් ධාව­නය වෙමින් තිබ්බ කාර් එකක් කර­ණම් ගහ­මින් පෙර­ළෙන්න ගත්තා. ඒත් එක්කම ලොකු දුහු­වි­ල්ල­කින් හැම දෙයක්ම වැහිලා ගියා.

ළඟ ඉන්න කෙනාව පේන්නේ නැති ගානට දූවිලි ඇවි­ස්සි­ලයි තිබුණේ. සුළ­ඟත් එක්ක. ඒ දූවිලි අත­රින් මම දැක්කා තවත් කාර් එකක් වේග­යෙන් ඇවිත් පෙර­ළුණු කාරයේ හැප්පෙ­නවා. ඒත් එක්කම ඒ කාර් එක උඩින් විසි­වෙලා වගේ වැටුනේ සෙනඟ හිටපු තැන­ටයි“ මෙම බිහි­සුණු අන­තුර ඇසින් දුටු හපු­තලේ පදිංචි ගනේෂ් කුමාර් මූර්ති සමඟ ඒ ගැන පැව­සුවේ එසේය.


“අපි මේ වගේ දේවල් දැක තිබුණේ ටී.වී. එකෙන්. ඒ වෙලාවේ අපිව වෙව්ලන්න ගත්තා. මොන­වද සිද්ධ උනේ කියල හිතා ගන්නත් බැරි­වුනා. හැම තැනම කට්ටිය වැටිල හිටියා. දුහු­විල්ල නිසා මේ අන­තුර හරි­හැටි කවු­රුත් දැක්කේ නැහැ. ධාවන පථයේ තිබ්බ අනිත් වාහන තර­ගය නව­ත්වන සංඥාව දෙන­කම් ධාව­නය වුනා. පස්සේ තමයි ගිලන් රථ ඇවිත් තුවා­ල­ක­රු­වන්ව රෝහ­ලට රැගෙන යන්න කට­යුතු කළේ. “ යැයිච ගනේෂ් කුමාර් මූර්ති පව­ස­න්නට විය.

මෙවන් අන­තු­රක් කව­දා­වත්ම සිදුවී නොමැති බව ගනේෂ් කුමාර් මූර්ති වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

“කාර් එකක් උඩින් විසි­වෙ­නව වගේ දැක්කා. ඒත් එක­කම දුහු­වි­ල්ලෙන් මුළු ප්‍රදේ­ශ­යම වැහුණා. මෙලෝ දෙයක් පෙනුනේ නැහැ. එක­පා­ර­ටම උඩින් වගේ ඇවිල්ල කාර් එකක් අපේ ඇඟ උඩට වැටුනා.“ මේ වන විට තුවාල ලබා දිය­ත­ලාව රොහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින කාන්තා­වක් වේද­නා­වෙන් සිද්ධිය විස්තර කළේ එසේය.

මෙම අන­තු­රින් මිය ගිය අය මෙසේය.

1 ආර්.අබේ­නා­යක යුද­හ­මුදා සෙබළ (ඇඹි­ලි­පි­ටිය )

2.ගනේෂ් ජය­ව­ර්ධන (මාතර )

3. අරුන ශාන්ත උපාලි ගමගේ (මාතර)

4.අශේන් හීන­ටි­ගල(මාතර)

5.උද­ය­කු­මාර් (ඩය­රබා හංදිය මිර­හ­වත්ත)

6.ධනු­ශිකා (8) (ඩය­රබා හංදිය මිර­හ­වත්ත)

7. චමින්ද නිරෝ­ශන් (19) සීදුව

මිය ගිය මේ අය අතර සිටින වැලි­මඩ ඩය­රබා ප්‍රදේ­ශයෙ පදිංචි උද­ය­කු­මාර් (65) සහ ධනු­ෂිකා (08) මිත්ත­ණිය හා මිණි­බි­රි­යන් බව හඳු­නා­ගෙන තිබේ.

අන­තු­රින් තුවාල ලැබූ අය අතර යුද හමුදා සේව­ක­යන් දෙදෙ­නකු සිටින බවත් ඒ අය දිය­ත­ලාව මූලික රෝහලේ ප්‍රති­කාර ගන්නා බවත් පොලි­සිය කියයි.


අන­තු­රින් පසු දිය­ත­ලාව මූලික රෝහ­ලට ඇතු­ළත් කළ පිරිස 26 දෙනෙකි. හත් දෙනකු මිය­ගොස් තිබේ. බර­ප­තළ තත්ත්වයේ තුවාල ලබා සිටි තිදෙ‍නකු බදුල්ල ශික්ෂණ රෝහ­ලට මාරු­කර යැවූ බව රොහල් ‍පොලිසිය කියයි. ඊයේ රාත්‍රිය වන විට දිය­ත­ලාව රෝහලේ අන­තු­රින් තුවාල ලැබූ 16 දෙනකු ප්‍රති­කාර ගනි­මින් සිටි­යහ.