
රන් මාලය කඩා යතුරුපැදියක නැගී පලා යාමට තැත් කළ සොරුන් දෙදෙනෙකුගේ ඇගට පාපැදියක් දමා ගැසූ 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ නිර්භීත ක්‍රියාකාරකමක් හේතුවෙන් ඔවුන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇතැයි හොරණ පොලීසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගන්නාවිට කැඩූ තවත්
රන් මාල දෙකක් ද ඔවුන් සන්තකයේ තිබී ඇතැයිද පොලීසිය පවසයි. හොරණ, වෑවල ඛණ්ඩාරවත්ත මාර්ගයේ පලතුරු කඩයක් පවත්වාගෙන යන කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් ඉකුත් 16දා) දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් කඩාගෙන ඔවුන් පැමිණි යතුරුපැදියේ නැගී පලා යන්නට සූදානම් වී තිබේ.ඒ අතරතුර පාසල් සිසුවකු වන ඇගේ 16 හැවිරිදි පුත්‍රයා පැමිණ ඇති අතර ඔහු සිද්ධිය දැකීමෙන් පසු ඔහු පැමිණි පාපැදිය සොරුන්ගේ ඇඟට දමා ගසා යතුරුපැදියේ යතුර තම භාරයට ගෙන තිබේ. අනතුරුව මේ පිළිබඳ හොරණ මූලස්ථාන පොලීසියට දැන්වීමෙන් පසු වහා අදාළ ස්ථානයට පැමිණි එහි නිලධාරීන් පිරිසක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි. සැකකරුවන් බුලත්සිංහල නාරගල ප්‍රදේශයේ පදිංචි 24,25 වයස් කාණ්ඩවල පසුවන දෙදෙනෙකු බවද පොලීසිය පවසයි. හොරණ මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
සුමති කූඩලිගම
Comments
Post a Comment
Your comment will be visible after approval