
පරණ අවුරුදුදා (12) පාන්දර තමාගේ මල්ලීට කෝපි පොල්ලකින් ගසා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් මිය ගිය අයගේ වැඩිමහල් සහෝදරයා ගලහ පොලීසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස විසි පස්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
පල්ලෙ දෙල්තොට යෝග ලෙච්චමී වත්තේ පදිංචිව සිටි සහෝදරයින් දෙදෙනකු අතර පෙර දින රාත්‍රි සිට අඬදබර සිදුවී ඇති අතර අසල් වැසියන් අඬදබර නැවිත්වීමට පැමිණි විට ඔවුන්ටද පරුෂ වචනයෙන් බැන පන්නා දමා ඇත.
සහෝදරයන් දෙදෙනා අධික ලෙස මත්පැන් පානය කොට සිටි බව අසල් වැසියන් පවසා තිබේ. උදෑසන ඒම නිවසේ කිසිම ශබ්දයක් නොමැති නිසා අසල්වැසියන් ඔවුන් පිළිබඳ සොයා බලද්දී බාල සහෝදරයා ලයින් කාමරයක් තුළ මැරී වැටී සිටින අයුරු දැක පොලීසියට දන්වා ඇත. මියගිය පුද්ගලයාගේ අත්පා බැද දමා මෙම පහරදීම සිදුකොට ඇති බවට නිරීක්ෂණය වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු තිස්හතරක් වයසැති කිට්නසාමි කරුණානිධි නැමති අවිවාහක පුද්ගලයෙකු වන අතර ඔහු ස්ථීර රැකියාවක් නොකළ අයෙකි.
පහරදුන් වැඩිමහල් සහෝදරයා මීට පෙරද රක්ෂිත බන්ධනාගාරගතවී නිදහස් වී පැමිණි පුද්ගලයකු වන අතර ඔහුගේ වයස අවුරුදු තිස් අටකි.
ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකරගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේසිංහ පොලිස් පරීක්ෂක විජේකෝන් යන නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ගලහ සී.කේ. වික්‍රම
Comments
Post a Comment
Your comment will be visible after approval