
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කිරීමේ වාර්තාව යළි අලුත් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (15) සමත්විය.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීීග් ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු 277ක් රැස්කරගෙන තිබූ වාර්තාව බිඳ හෙළමිනි.
ඒ අනුව රෝයල් චැලෙන්ඩර්ස් බැංගලූර් කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 287ක් රැස්කරගනිමින් එම වාර්තාව තැබීය.
එහිදී වේගවත් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ් පන්දු 41කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 102ක් රැස්කරගත්තේය.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩැනියල් විටෝරි කටයුතු කරන අතර, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුත්තයියා මුරලිදරන් කටයුතු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval