
ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමයට අනුව මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් අඩුවී ඇත.
එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩුවීමට එක් හේතුවක් බවයි.
සියලුම ඉන්ධන වර්ග හිඟයකින් තොරව රට තුළ පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික පෙට්‍රල් පරිභෝජනය බැරල් 28000 ක් පමණ වේ.
2019 වසරට සාපේක්ෂව 2020 දී ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ආනයනය 24.4% ක ඉල්ලුම හැකිලීමකට මුහුණ දුන්නේය. ඉන්ධන ඉල්ලුම වෙනුවෙන් සැපයුම අඩුවීම නිසා ඇප් එකක් ඔස්සේ සීමිත බෙදාහැරීමට සිදුවිය.
අනතුරුව විශාල ලෙස ඉන්ධන මිල ඉහළ ගිය අතර මේ වනවිට මසකට වරක් ඉහළ පහළ යන ස්වරූපයකින් ඉන්ධන පවතින නිසා ජනතාව අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් ඉන්ධන පරිභෝජනය සිදුකරන බව විහ්ලේෂකයින් පෙන්වා දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval