
ගාලු පාර වැල්ලවත්ත දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇතැයිද පොලිසිය පවසයි.
ඒ අනුව ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරන රියදුරන් ලිලී ඇවනිව් අතුරු මාර්ගයෙන් මුහුදුබඩ මාර්ගයට ඇතුළු වී කොළඹ දෙසට ධාවනය කළ යුතු බව දැනුම්දී සිටියි.
කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන රියදුරන්ට සාමාන්‍ය පරිදි වැල්ලවත්ත හරහා ගමන් කළ හැකිය.

Comments
Post a Comment
Your comment will be visible after approval