The-story-of-the-cousin-who-lives-in-Ottawa-about-the-killer-student

කැනඩාවේ ඔටාවා හි මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම සමූහ ඝාතනයක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික ගැටවරයෙකුවූ ෆෙබ්‍රියෝ ද සොයිසා (19) එකම පවුලේ මවක හා දරුවන් හතරදෙනෙකුත් තවත් පුද්ගලයෙකුත් අමානුෂික ලෙස නිවසේදී ඝාතනය කර තිබේ.
මෙම ඝාතකයා අධ්‍යාපනය හදාරන්නට එහි ගොස් සිටි නමුත් කිසියම් මානසික කඩාවැටීමක් නිසා ගතවූ කාලය තුළ අසාමාන්‍ය හැසිරීම් රැසක් වාර්තා කර තිබූ බව කියැවිණි. ඔහු මත්ද්‍රව්‍ය ලබාගන්නා අයෙකුද යන්න තවම හෙළිදරව් කර නැත.
ඔහුගේ අවසාන ඛේදවාචක හැසිරීම  සිදු වන්නට පෙරාතුව ඔහුගේ මෙම වෙනස්කම් අත්දුටු කැනඩාවේ වාසය කරන ඔහුගේ පියාගේ නැගණිය එනම් ‘නැන්දා‘ කැනඩාවේ ග්ලෝබල් නිවුස් නාලිකාව අමතා ඔහු ගැන වැඩි විස්තර පවසා තිබේ.

අනුෂා ද සොයිසා නමැති ඇය මෙසේ කීවාය.
"මම තවමත් වෙව්ලනවා, ඒ පවුල එයාට ගොඩක් හොඳයි, ඔවුන් හරිම අපූරු පවුලක්.නමුත් මොනවද ඔහු මේ කරල තියෙන්නෙ.ෆෙබ්‍රියෝ මගේ සහෝදරයාගේ වැඩිමහල් පුත්‍රයා. එයා මීට වසර දෙකකට පෙර කැනඩාවට පැමිණියා. එසේ එද්දී කිසිම ගැටලුවක් පෙන්නුම් කරේ නැහැ. එය “නිහඬ” සහ “හොඳ ශිෂ්‍යයෙක්” ලෙස මං හඳුනාගෙන තිබුණා.


එයා මුලින්ම ආවේ මගේ නිවසට.. මීට වසර දෙකකට පමණ පෙර කැනඩාවට පැමිණි පළමු මාසයේ මගේ නිවසේ ජීවත් වුණා.පසුව තවත් ඥාතී නිවාස වල හිටියා.
දැන් තුවාල වෙලා ඉන්න ධනුෂ්කත් එයා ඉගෙනගනිමින් සිටින ඇල්ගොන්කින් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවෙක් විදිහට හිටියා.
මේ නිසා ඒ දෙන්නා මිතුරන් බවට පත්ව සිටියා.
 මේ කාලේ වික්‍රමසිංහ තම පවුල ශ්‍රී ලංකාවේ සිට ඔටාවා වෙත ගෙන යාමට කටයුතු කරමින් සිටියා, පවුල පැමිණි පසු ඔහු සමඟ බෙරිගන් ඩ්‍රයිව් නිවසේ ජීවත් වන ලෙස ද සොයිසාට ආරාධනා කළා. ඒ නිවස තියෙන්නේ විද්‍යාලයට කිට්ටුවෙන් නිසා  එහි සිට පාසලට යාමට පහසු නිසා එහි ගියා.
ඔටාවා ප්‍රදේශයේ ඥාතීන් කීපදෙනෙකුම ඉන්නවා. ඒත් ඔහු මෑතකදී තම ඥාතීන් සියල්ලන් කපා දැමූවා.
ඔහු අප හා සම්බන්ධ වීම නැවැත්තුවා. ඔහු අපිව අවහිර කළා. අපගේ දුරකථන අංක, සමාජ මාධ්‍ය. හැම දෙයක්ම අවහිර කළා,”  "අවසානයේ මෙවැන්නක් සිදුවනු ඇතැයි මම සිහිනෙන්වත් නොසිතුවෙමි."
ඇය පැවසුවාය.
19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ඔටාවා ප්‍රදේශයේ ඇල්ගොන්කින් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ නිසා මීට මාසයකට හෝ දෙකකට පෙර මෙම පවුල සිටි නිවසේ බිම් මහලේ පදිංචියට ගොස් ඇත.


ඔහු හිතවත්කම මත එහි රැඳී සිට ඇති අතර කුලියක් හෝ ගෙවා නැත.
තුවාල ලබා ඇති ධනුෂ්ක සැකකරුගේ මවුපියන් පවා ශ්‍රී ලංකාවේදී හමුවී ඇති බව පොලිසිය විස්තර කර තිබුනි.
නමුත් මෙම සිසුවාට ආසන්න කාලයේ මානසික මට්ටම් සියල්ල හොඳ නැති බව වාර්තා ලැබී තිබේ.
ඔහුට පාසලේදී ප්‍රශ්න ඇති වූ අතර මෑතකදී ඔහු පාසලෙන් ඉවත් වූ බවත් සොයාගෙන ඇත.
ඔහු සියදිවි නසාගැනීමේ සිතුවිලි තිබී ඇතැයිද වාර්තා සටහන් හමුව තිබේ.
ඇල්ගොන්කින් විද්‍යාලයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේ ද සොයිසා එහි ශිෂ්‍යයෙකු වූ අතර ඔහුගේ අවසන් වාර වාරය 2023 ශීත ඍතුවේ පැමිණ ඇති නමුත් ඉන්පසු අත්හැර ඇති බවයි.
සිසුවා මානසික අවපීඩනයෙන් කල්ගත කළ බවට තවත් තොරතුරු පොලිසියට අවශ්‍යව ඇත.
ඔහු නිවසේ නතරවී සිටියදී අතිරේක රැකියා සිදුකරමින් සිටි අතර බදාදා රාත්‍රියේ පිරිසිදු කිරීමේ රැකියාවකට ගොස් නිවසට පැමිණි පසු පෙරකී ප්‍රහාරය එල්ල කර නිවසේ සිටි සියල්ලන් මරා දමා තිබුණි. උබර් රැකියාවට ගොස් නිවසට නැවත ධනුෂ්ක
පැමිණෙද්දී පිහිය අතැතිව ගරාජයේ රැඳී සිටි තරුණයා එයින් ඔහුට අනින්න උත්සාහ කර තිබූ අතර ඔහු ඉන් බේරෙන්නට උත්සාහ කළේය. ඝාතන උත්සාහය අසාර්ථකවූ පසු ඔහු එැතැනින් පළාගොස් තිබුණ අතර නගරයේ වෙනත් තැනකදී පොලිසියට හසුවිය.
මේ වනවිට අත්අඩංගුවේ පසුවන ඔහු මේ දක්වා කිසිදු ප්‍රකාශයක් ලබාදී නැති අතර ඔහුට නීතීඥ සහය අවශ්‍ය බව දන්වා සිටීම නිසා නඩුව කල් දමා ඇත.

UPDATE 9: ඔටාවා සමූහ ඝාතක සිසුවා Minecraft වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහියෙක්

UPDATE 8: මියගිය ශ්‍රී ලාංකික පවුල සිහිකිරීමට ඔටාවා අසල්වාසීන් සෙනසුරාදා පැවැත්වූ සැමරුම (photos)

UPDATE 7: සමූහ ඝාතනයෙන් පසු ලංකාවේ සිටින දර්ශනීගේ මව කියන කතාව

UPDATE 6: ඝාතක සිසුවා ගැන ඔටාවාහි පදිංචි ඥාති නැන්දා කියන කතාව

UPDATE 5: මරාදැමූ පවුලේ අය ගැන ඔටාවා පන්සලේ සුනීත හිමි කියන කතාව