ලෝක මාධ්‍ය බලවතකු වන අමෙරිකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික රූපර්ට් මර්ඩොක් 6 වැනි වතාවටත් විවාහ ගිවිසගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 92 හැවිරිදි මේ මාධ්‍ය බලවතා මෙවර විවාහ ගිවිස ගෙන ඇත්තේ රුසියානු ක්ෂුද්රජීව විද්‍යාඥවරියක වූ 67 හැවිරිදි එලේනා සුකෝවා සමඟ බව ද වාර්තා වේ.
වසර 1956දී පළමුවරට පැට්‍රිසියා බුකර් නමැති ඔස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවිකාවක සමඟ විවාහ වී සිටි මර්ඩොක් 1967 දී දෙවැනි විවාහය සිදු කරගෙන ඇත්තේ ස්කොට්ලන්තයේ මාධ්‍යවේදිනියක වූ ඇනා ටොර්ව් සමගය. අනතුරුව 1999දී චීන ජාතික වෙන්ඩි ඩෙංග් සමඟ විවාහ වූ මර්ඩොක් හිටපු මෝස්තර නිරූපිකාවක වූ ජෙරී හෝල් සමඟ අතිනත ගත්තේ 2016දීය. අනතුරුව ඔහු විවාහ ගිවිස ගෙන සිටියේ අමෙරිකාවේ හිටපු ගුවන් විදුලි නිවේදිකාවක වූ ඈන් ලෙස්ලි සමඟය.
ලොව පුරා සිය ගණනාවක පුවත්පත් සමූහයක් ප්‍රකාශයට පත් කරන අමෙරිකාව කේන්ද්‍ර කරගත් නිව්ස් කෝපරේෂන් සමාගමේ හිමිකරු වන මර්ඩොක්ගේ පුවත්පත් ජාලය එංගලන්තය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව ඇතුළු රටවල් රැසක ව්‍යාප්තව ඇති අතර, ඔහු සතුව එම රටවල රූපවාහිනි නාලිකා ද තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval