us-accountant-robbed

අමෙ­රි­කානු ජාතික ගිණු­ම්ක­රණ නිල­ධා­රි­නි­යක් පදිංචි පිට­කෝට්ටේ වෙත්ත­සිංහ ගාර්ඩන්හි දෙම­හල් නිවෙ­සට ඇතුළු වූ කිසි­යම් පුද්ග­ල‍ෙකු දාහ­තර ලක්ෂ පන­ස්ද­හ­ස­කට ආසන්න විදේ­ශීය මුදල්, මෙරට මුදල් සහ රන් ආභ­රණ සොරා­ගෙන ගොස් ඇතැයි මිරි­හාන මූල­ස්ථාන පොලි­සිය පැව­සීය.

පොලි­සිය පැව­සුවේ, සොරා­ගෙන ගිය දේපොළ අතර අමෙ­රි­කානු ඩොලර් 4,000ක් යුරෝ 50ක් රුපි­යල් 10,000ක් හා ග්‍රෑම් 10ක් බර රුපි­යල් ලක්ෂ දෙකක් වටිනා රත්ත­රන් මුදු දෙකක් වන බවයි. පැමි­ණි­ලි­කාර 28 හැවි­රිදි අමෙ­රි­කානු ජාතික තරු­ණිය මිතු­රි­යක් සමඟ දෙම­හල් නිවෙසේ නැවතී අමෙ­රි­කාවේ පිහිටි ආය­ත­න­යක ගිණු­ම්කා­රි­නි­යක ලෙස අන්ත­ර්ජා­ලය ඔස්සේ රැකි­යාව සිදු කරයි.

ඇය ඉකුත් 26 වැනි දින දෙම­හල් නිවෙසේ උඩු­ම­හලේ නිදා සිට රාත්‍රී 11.30ට පමණ අවදි වී පහත මහලේ ඇති පැමි­ණි­ලි­කා­රි­යට අයත් කාර්යාල කාම­රයේ වැඩ කට­යුතු සිදු කිරීම සඳහා පැමිණ ඇති අතර, එම අව­ස්ථා­වේදී පැමි­ණි­ලි­කා­රි­යගේ මිතු­රිය උඩු­ම­හලේ අනෙක් කාම­රයේ නිදා­ගෙන සිට ඇතැයි පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ. අලු­යම 3.00ට පමණ ඇය වැඩ කට­යුතු නිම­කර යළි උඩු­ම­හලේ පිහිටි නිදන කාම­රය වෙත යෑමේදී ඇයගේ නිදන කාම­රයේ දොර විවෘත කර කබඩ් ඇද දමා කබ­ඩ්වල තිබූ භාණ්ඩ ද නිදන කාම­රයේ ඇඳ උඩට දමා ඇති අයුරු දැක ඇත.

පැමි­ණි­ලි­කාර තරු­ණිය නිදා සිටි මිතු­රි­යට කතා කර නිවෙස තුළ පරීක්ෂා කිරී­මෙන් අන­තු­රුව කබඩ් එක තුළ ලිපි කව­ර­වල බහා තිබූ විදේ­ශීය මුද­ල්ව­ලින් ඩොලර් 4,000ක් මෙරට මුද­ල්ව­ලින් රුපි­යල් 10,000ක් එම කබඩ් එකේ ලාච්චුවේ දමා තිබූ රුපි­යල් ලක්ෂ දෙකක් පමණ වටිනා මුදු දෙකක් නොමැති බව දැක තිබූ බව පොලි­සිය කීය.

ඇය විසින් වැඩි­දු­ර­ටත් නිවෙස තුළ පරීක්ෂා කිරී­මේදී දෙවැනි මහලේ බැල්ක­නියේ ඇති අගුල කැඩී ගිය දොරක් විවෘත කර නිවෙ­සට යම්කිසි පුද්ග­ල­යකු ඇතුළු වී ඇති බවට නිරී­ක්ෂ­ණය වන බවට පැමි­ණිල්ල සිදු­කර ඇතැයි පොලි­සිය සඳ­හන් කළේය.

මිරි­හාන මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මංජුල තුෂාර මහ­තාගේ උප­දෙස් මත අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක නුවන් ප්‍රභාත් මහතා පරී­ක්ෂණ පව­ත්වයි.

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ