south-africa-accident

දකුණු අප්‍රිකාවේ ඊසානදිග ලිම්පෝපෝ පළාතේ ගමන් ගත් බස් රථයක් පාලමකින් මීටර් 50ක් (අඩි 165ක්) පමණ දුරින් මිටියාවතකට පෙරලීමෙන් පසු   පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.

දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූ අට හැවිරිදි දැරිය කි. ඇය බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
බස් රථය බාධකයක් හරහා කඩා වැටී පොළවේ ගැටීමෙන්  ගිනිගෙන තිබේ.

එහි බොහොමයක් මගීන්  බොට්ස්වානා අගනුවර වන ගැබොරෝන් සිට මොරියා නගරයේ පාස්කු දේව මෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි බැතිමතුන් ය.



දකුණු අප්‍රිකානු මහජන  SABC මාධ්‍ය පවසන ආකාරයට,එම බස් රථය පාලනය කර ගත නොහැකි ව ජොහැන්නස්බර්ග් සිට කිලෝමීටර් 300ක් (සැතපුම් 190) උතුරින් Mokopane සහ Marken අතර Mmamatlakala කඳුකරයේ පාලමකින් ඉවතට ගොස් ඇත.

ගලවා ගැනීමේ මෙහෙයුම් බ්‍රහස්පතින්දා සවස් වන තුරුම ක්‍රියාත්මක වූ අතර, මියගිය සමහරක් සුන්බුන් අතරට ළඟා වීමට අපහසු බව වාර්තාව ඇත.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ගිය ප්‍රවාහන අමාත්‍ය සින්දිසිවේ චිකුංගා “ඛේදජනක බස් රථ අනතුරෙන් විපතට පත් පවුල්වලට සිය හෘදයාංගම ශෝකය” පළ කර ඇත.

දකුණු අප්‍රිකානු රජය මළ සිරුරු මෙරටට ගෙන්වා ගැනීමට සහ අනතුරට හේතුව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වනු ඇති බව ඇය පවසා ඇත.



එසේම ඇය   ප්‍රකාශ කර ඇත්තේ මෙම පාස්කු සති අන්තයේ වගකීමෙන් රිය පැදවිය යුතු බවයි.

විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවට ඇත්තේ දුර්වල මාර්ග ආරක්ෂණ වාර්තාවකි.

කෙසේනමුත් පෙර දින නිකුත් කරන ලද පාස්කු පණිවිඩයක ජනාධිපති සිරිල් රමෆෝසා පුරවැසියන්ට ප්‍රකාශ කර  සිටියේ "මෙය ආරක්ෂිත පාස්කුවක් බවට පත් කිරීමට ඔවුනගේ උපරිමය කරන බවය.