maharagama-rathu-kekulu-hotel

මනුෂ්‍ය පරි­භෝ­ජ­න­යට නුසු­දුසු අන්ද­මින් ආහාර නිෂ්පා­ද­නය සහ විකි­ණීම ඇතුළු චෝදනා හතක් යටතේ, වත්තෙ­ගෙ­දර මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක එච්. එම්. ජී. මාධව, මහ­ර­ගම - දෙහි­වල පාරේ, රතු කැකුළු හෝට­ල­යට එරෙ­හිව ගංගො­ඩ­විල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ගොනු කළ නඩුව විභාග කළ අති­රේක මහේ­ස්ත්‍රාත් එස්. විජේ­සිංහ මහතා,

එම හෝට­ලයේ අයි­ති­කරු වන කේ. ප්‍රේම­ලාල් නමැ­ත්තාට රුපි­යල් 21,000ක දඩ­යක් සහ දින 14ක් තුළ හෝටලේ අඩු­පාඩු නිවැ­රදි කර, අධි­ක­ර­ණය වෙත යළි වාර්තා කරන ලෙස නියෝග කළේය.

මෙම හෝට­ලයේ අලෙ­වි­යට තිබෙන ආහාර දූෂ­ණය විය හැකි අන්ද­මට ගබඩා කර තැබීම සහ කසළ බඳුන් විවෘ­තව තැබීම, ගෙබිම සහ ආපන ශාලාවේ බිත්ති අපි­රි­සුදු අන්ද­මින් පව­ත්වා­ගෙන යෑම, ආහාර සකස් කරන ස්ථානය පළි­බෝ­ධ­ක­යන් සහිත වීම සහ එහි සිවි­ලී­මක් නොති­බී­මත් ආහාර සකස් කිරීම සඳහා නුසු­දුසු තත්ත්වයේ උප­ක­රණ භාවිත කිරී­මත් යන චෝදනා විත්ති­ක­රුට එරෙ­හිව ගොනු කළ බව, මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රයා පැව­සීය. 

මහ­ර­ගම - උදේනි චන්ද්‍ර­සිරි