tissamaharama-accident

පොලිස් අණ නොතකා පලාගිය යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව තිස්ස කිරින්ද ප‍්‍රධාන මාර්ගයෙහි විලමුල්ල මාතෘ රෝහල ඉදිරිපිටදී (22දා)  සිදුවූ මාරක රිය අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එම යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා බරපතළ තුවාල ලබා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් තිස්සමහරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහලට යවා තිබේ.

අනතුරින්  මිය ගොස් ඇත්තේ තිස්සමහරාම යෝධකණ්ඩිය දකුණු රණකෙලිය,

සිල් ආරාම පාර  පදිංචිව සිටි ජයසූරිය පටබැඳිගේ ලසාද් ඉන්දික නමැති හතළිස් හැවිරිදි යතුරුපැදිකරු විය. ඔහු සමග පැමිණි දිලිප් චතුරංග නමැති හතලිස් හැවිරිදි අය තුවාල ලබා ඇති අතර, ඔහුගේ පාදය අස්ථි බිඳීමකට ලක්ව ඇති බවද රෝහල් බලධාරීහු පැවසූහ.තිස්සමහරාම උද්ධකන්්දර ජපනගේ මාර්ගයේ ගමන් කළ ඇති අනතුරට පත් යතුරුපැදිය නතර කරන ලෙස පොලිසිය අණ කර තිබේ.

එහදී යතුරුපැදිකරු පොලිස් අණ නොතකා යතුරුපැදිය ඉදිරියට ධාවනය කර ඇති අතර,

පොලිසිය එම යතුරුපැදිය පසු පස  ̈හුබැඳ ගොස් තිබේ. එහදී යතුරුපැදිකරු වේගය ඉක්මවා පලා යමින් සිටියදී එම මාර්ගය නිමාවන තිස්ස කිරින්ද ප‍්‍රධාන මාර්ගයේදී යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව ප‍්‍රධාන මාර්ගය හරහා ගොස් ඉදිරියෙන් තිබූ විලමුල්ල මාතෘ රෝහලෙහි තාප්පයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තාප්පයේ කොටසක් කඩාගෙන යතුරුපැදියේ ඉදිරිපස කොටස තාප්පයෙන් ඇතුළත යෑමෙන් යතුරුපැදිකරුගේ හිස තාප්පයේ ගැටීමෙන් මෙම මරණය සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරින්ද පොලිසිය මගින් සිදුකරනු ලබන අතර, පොලිසිය ලබා ගත් අධිකරණ නියෝග මත තිස්සමහරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජී. සී. නිරංජන මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.