
රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 78 ක් ගුලි 98 ක් වශයෙන් සකස් කර, ඒවා ගිල දමා පැමිණි වෙනිසියුලානු ජාතිකයකු 23 දින උදෑසන කටුනායක ගුවන් පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 41 හැවිරිදි වෙනිසියුලානු ජාතිකයෙකි.ඔහු මුලින්ම මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ගිල දමා බ‍්‍රසීලයෙන් ගමන් ආරම්භ කර ඩුබායි වෙත පැමිණ තිබේ. ඉන් පසුව ඔහු එතැන් සිට ඉකුත් 23 දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන්කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.මෙම වෙනිසියුලානු ජාතිකයාගේ සිරුර පරිලෝකන යන්ත‍්‍රයක් (ීජ්බ ඔැිඑ) පරීක්ෂා කිරීමේදී ඔහුගේ ආමාශය තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය දිස් වී තිබූ අතර පසුව ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී ‘තමා ග‍්‍රෑම් 11 බැගින් අඩංගු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 98 ක් පමණ ගිල දමා පැමිණ සිටින බව’ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කර තිබේ.පසුව මෙම වෙනිසියුලානු ජාතිකයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඟහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට
පියවර ගෙන තිබුණි.ඔවුන් මෙම පුද්ගලයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එම රෝහලේ වෛද්‍යවරුන් මෙම වෙනිසියුලානු ජාතිකයාට විරේක බෙහෙත් ලබා දෙමින්, ඔහු විසින් ගිල දමා පැමිණ ඇති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීමට ප‍්‍රයත්න දරමින් සිටිති.මේ වනවිට මෙම වෙනිසියුලානු ජාතිකයා විසින් ගිල දමා තිබූ ග‍්‍රෑම් 132 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 12 ක් මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් පිටතට ගැනීමට සමත් වී සිටිති.
කටුනායක - ටී. කේ. ජී. කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval