susil-speaks

පාසල් සිසු­වි­යන් සඳහා සනී­පා­ර­ක්ෂක තුවා නොමිලේ ලබා­දීම ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යා­පන අමාත්‍ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය. හය වැනි ශ්‍රේණි­යෙන් ඉහළ පාසල් දැරි­යන් සඳහා සනී­පා­ර­ක්ෂක තුවා ලබා­දී­මට සැල­සුම් කර ඇති අතර ඒ යටතේ ලක්ෂ අට­කට අධික සිසු­වි­යන් පිරි­ස­කට මෙම පහ­සු­කම සැල­සී­මට අපේක්ෂා කරන බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.



මේ සඳහා වවු­චර පත් ලබා­දී­මට කට­යුතු කරන බව ද ඇමැ­ති­ව­රයා කීය. අමාත්‍ය සුසිල් ප්‍රේම­ජ­යන්ත මහතා මේ බව සඳ­හන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි. එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේ අධ්‍යා­පන විෂය තුළ 6 වසරේ සිට 9 වසර දක්වා විද්‍යාව සහ සෞඛ්‍ය අනි­වාර්ය විෂ­යක් කර ඇති බවයි.

පාසල් පද්ධ­තිය තුළ ප්‍රජ­නන සෞඛ්‍ය සම්බ­න්ධ­යෙන් වය­සට ගැළ­පෙන පරිදි පාසල් සිසුන් දැනු­ම්වත් කිරී­මද සිදු­ක­රන බවද හෙතෙම පැව­සීය. උසස් පෙළ සිසුන් සඳහා 16+ නමින් අති­රේක කිය­වීම් පොතක්ද හඳුන්වා දී ඇති අතර මෙවැනි අති­රේක පොත් මඟින් මෙම විෂය සම්බ­න්ධ­යෙන් සිසුන් දැනු­ම්වත් කිරීම සිදු­වන බවද හෙතෙම පැව­සීය. වයස අවු­රුදු 12ත් - 47ත් අතර කාන්තා­ව­න්ගෙන් වැඩි පිරිස නිසි සෞඛ්‍ය ක්‍රම­වේද අනු­ග­ම­නය නොක­රන බවට හඳු­නා­ගෙන ඇත.