
ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් වැටුප් වැඩිකිරීම කල්දමන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවට අද නිර්දේශ ලබාදුන්නේය.
පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් කඩිනමින් පත්කරන ලෙසට ද නිර්දේශ කරන බවය.
ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් නිර්දේශ කර සිටි හර්ෂ ද සිල්වා මහතා, ලැබී ඇති කරුණු මත අනෝන්‍යව පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිකිරීම ශ්‍රී ලංකා විසින් කල්දමන ලෙසත් නිර්දේශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ මෙන්ම විශේෂිත කාර්ය මණ්ඩලවල ප්‍රවීණත්වය ප්‍රමුඛ කර සියලු කාර්ය මණ්ඩල ශ්‍රේණීවල පාරිශ්‍රමික සාධාරණ ලෙස ගැලපුම් කිරීම මෙම කමිටුව විසින් සිදුකරනු ඇති බවට ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව බලාපොරොත්තු වන බව ද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
වෘත්තීය කාර්ය මණ්ඩලයට වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෘත්තීය නොවන සහ සෙසු කාර්ය මණ්ඩලයෙන් වෙන් කළ යුතු බවට
දැඩි ලෙස නිර්දේශ කර ඇති අතර, අනාගත සංශෝධනවලදී ශ්‍රී ලංකා මහ බැංකු පාරිශ්‍රමික විනිවිඳභාවයෙන් යුතුව සිදුකිරීමට ද රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval