ahungalla-kudu-noni

හෙරො­යින් ජාවා­ර­මෙන් මුදල් උප­යා­ගෙන වාහන ඇතුළු රුපි­යල් ලක්ෂ 1100කට අධික වටි­නා­කම ඇති දේපළ රැස්කළ අහු­න්ගල්ලේ කාන්තාවක සතු වූ දේපළ නිරී­ක්ෂ­ණ­යට පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා එක්විය.

අහුං­ගල්ල පොලිස් වසමේ නිවාස කිහි­ප­යක් රථ වාහන වෙ‍ෙළ­ඳ­සල් මෙසේ රජ­යට පවරා ගැනීමට උසාවි නියෝග ගැනීමට නියමිතය. හැත්තෑ හැවි­රිදි අහු­න්ගල්ල වැලි­කන්ද පදිංචි අනෝමා ශාන්ති නොහොත් කුඩු නෝනි නමැ­ත්ති­යගේ දේපළ මෙසේ පවරා ගැනී­මට නියමිතය. ඇය විසින් හෙරො­යින් මත්ද්‍රව්‍ය විකුණා උප­යා­ගත් මුද­ලින් මෙසේ දේපළ හා වාහන මිල දී ගෙන සිය ඥාතීන්ගේ නම්ව­ලට එම දේපළ පවරා දී ඇත.



ඇයගේ එක් පුතකු මීට වසර කීප­ය­කට පෙර ඝාත­නය වී ඇති අතර ඇයගේ එක් දිය­ණි­යක් හෙරො­යින් ළඟ තබා ගැනීම සම්බ­න්ධ­යෙන් මර­ණීය දණ්ඩ­න­යට නිය­මව ඇත.

නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය මඟින් ලක්ෂ 1,103කට අධික වටි­නා­ක­ම­කින් යුත් වාහන සහ දේපළ රැසක් 2024.03.29 වන දින තහ­න­මට ගෙන ඇති අතර, එම දේපළ සහ වාහන නිරී­ක්ෂ­ණය කිරීම සඳහා පොලි­ස්ප­ති­ව­රයා ද එක්විය.

අත්අ­ඩං­ගු­වට ගන්නා ලද වාහන සහ දේපළ

01. ISUZU FREEZER වර්ගයේ ලොරි රථය (ලක්ෂ 65)

02. HONDA DIO වර්ගයේ යතු­රු­පැ­දිය (ලක්ෂ 05)

03. ZA - 9695 දරන බැකෝව (ලක්ෂ 100)

04. IMUL-A-0701KLT දරන බහු­දින ධීවර යාත්‍රාව (ලක්ෂ 110)



. SP BEX - 6600 දරන හොන්ඩා ඩියෝ වර්ගයේ යතු­රු­පැ­දිය (ලක්ෂ 04)

SP PE - 9412 දරන ටොයෝටා KDH වර්ගයේ වෑන් රථය (ලක්ෂ 140) SP AAP - 7704 දරන බජාජ් ත්‍රිරෝද රථය (ලක්ෂ 10)

SP YU - 7538 දරන බජාජ් වර්ගයේ ත්‍රිරෝද රථය (ලක්ෂ 07)

ඉඩම් හා නිවාස (නිවාස - 03, කඩ කාමර - 01, ඉඩම් - 05 (ලක්ෂ 530) අත්අ­ඩං­ගු­වට ගන්නා ලද වාහන සහ දේපළ IMUL-A-0983-GLE දරන අශ්ව­බල 185ක් වන හයි­හු­න්ඩායි එන්ජිම සහිත දිග අඩි 40යි අඟල් 4ක බහු­දින ධීවර යාත්‍රාව (ලක්ෂ 150)

අංක IMUL-A-0810-GLE දරන සීනි­ගම, මීටි­යා­ගොඩ හර්ෂ මැරීන් ආය­ත­නයේ නිෂ්පා­ද­නය කර­මින් පව­තින බහු­දින ධීවර යාත්‍රාව (නිෂ්පා­ද­නය සඳහා මුදල් ගෙවා ඇති ප්‍රමා­ණය ලක්ෂ 52) ඉඩම් - 02 (ලක්ෂ 210)

ඒ අනුව, මුදල් විශු­ද්ධි­ක­රණ පනතේ 7(1) වගන්ති යටතේ බල­ර­හිත කර ඇති වාහන සහ දේප­ළ­වල මුළු වෙළෙ­ඳ­පල වටි­නා­කම ලක්ෂ 1,103කට අධික වටි­නා­ක­මක් ඇති බවට අනා­ව­ර­ණය වී ඇත. මේ සම්බ­න්ධ­යෙන් හය දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව අහු­න්ගල්ල පොලි­සිය පව­සයි.

( කර­න්දෙ­ණිය- අනු­රාධ ප්‍රිය­ද­ර්ශන, අක්මී­මන  සුනිල් ගමගේ)