prasanna-ranatunga-speaks

රට ගොඩ ගැනී­මට නම් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට පෙර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පැවැත් වීම කාලෝ­චිත බවත් රට ගොඩ­ගත හැක්කේ ස්ථාවර ආණ්ඩු­වක් තුළින් පම­ණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පැව­සීය.



ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා මේ බව පැව­සුවේ ඊයේ(28) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ කාර්යා­ලයේ පැවති මාධ්‍ය හමුවේ දීය.

ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

මේ මොහොතේ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ය­කින් රටේ ස්ථාවර ආණ්ඩු­වක් ඇති වෙන්පනේ නැහැ.

රට මුහුණ දෙන තත්ත්ව­යෙන් ගොඩ­ගැ­නී­මට නම් ස්ථාවර ආණ්ඩු­වක් පත් විය යුතුයි. එය පත් කර ගත හැක්කේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය පැවැ­ත්වී­මෙන් පම­ණයි.



ගෝඨා­භය ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කාලයේ අස්ථා­වර වූ රට රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා යළි ස්ථාවර කළා. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යාට යළි අව­ස්ථා­වක් ලබා දිය යුතුයි. මේ මොහොතේ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කිරීම සඳහා පොහො­ට්ටු­වට සුදුසු අපේ­ක්ෂ­ක­යෙක් නැහැ.

පොහො­ට්ටුවේ ජාතික සංවි­ධා­යක ධූරයේ බැසිල් රාජ­පක්ෂ මහතා සිටියා නම් වඩාත් හොඳයි. එමෙන්ම නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­ර­යාට ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම සඳහා තවත් කල් තිබෙ­නවා.

උපාලි කරු­ණා­රත්න