gayantha-speaks

ෆේස් බුක් එකේ මොනවා කළත් සටන තිබෙන්නේ මහ පොළොවේ බව පාර්ලි­මේන්තු මන්ත්‍රී ගයන්න කරු­ණා­ති­ලක මහතා පැව­සීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යා­ලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමිනි.




මන්ත්‍රී­ව­රයා මෙසේද පැව­සීය:

“ඉස්සර තිබුණ ජවිපෙ කඩේ විකු­ණුවේ දෑකැති සහ මිටි විත­රයි. ඒ කාලයේ ඔවුන්ට හමු­දාව, පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යාල, ඉන්දි­යානු භාණ්ඩ, අමෙ­රි­කානු භාණ්ඩ දිරෙ­වුවෙ නෑ. ඒත් ජවිපෙ කඩේ මාලිමා කඩේ වුණාට පස්සේ දෑකැති මිටි හැර අනෙ­කුත් සියලු භාණ්ඩ ඒ කඩේ විකු­ණ­නවා. වැඩි­යෙන්ම විකු­ණන්නේ ඉන්දි­යානු සහ ඇමෙ­රි­කානු භාණ්ඩ. ඒ කාලෙ හමුදා පවුල් ඔවුන්ට දිරෙ­වුවෙ නෑ. ඒත් අද හමුදා පවුල් නැතිව බැරි තත්ත්ව­යක් උදා වෙලා තිබෙ­නවා. පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යාල ප්‍රව­ර්ධ­නය කරන තැනැක් වෙලා තිබෙ­නවා. ෆේස්බුක් හීන බොඳ වෙලා ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵල ආවට පස්සේ මේ සියලු කඩ වැහිලා යන ආකා­රය ජන­තා­වට බලා­ගන්න පුළු­වන්. ඒකට වැඩි ඈතක් නෑ.”