alawathugoda-incident

අල­ව­තු­ගොඩ රිට්ට­න්දෙ­ණිය ප්‍රදේ­ශයේ හෝට­ල­යක නවා­තැන් ගෙන සිටි­යදී තමන් සිටි කාම­රයේ අගුළු කඩා රුපි­යල් ලක්ෂ පහ­කට ආසන්න මුදල් ඇතුළු භාණ්ඩ තොග­යක් සොරා­ගෙන තිබෙන බවට බ්‍රිතාන්‍ය ජාති­ක­යකු විසින් කරන ලද පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කිරී­මේදී ඔහු රක්ෂණ වන්දි ගැනීම සඳහා එම පැමි­ණිල්ල සිදු­කර තිබෙන බව ආන­ව­ර­ණය වී තිබේ.



පොලි­සිය පසුව ඒ සම්බ­න්ධ­යෙන් ඔහු ගෙන් වැඩි­දුර ප්‍රශ්න කිරී­මේදී විදේ­ශීය ජාති­කයා පරී­ක්ෂණ කිසි­වක් අන­වශ්‍ය බව පව­ස­මින් පොලි­සිය මඟ­හැර ප්‍රදේ­ශ­යෙන් පිටව ගොස් ඇත.

සංචා­රක වීසා මත පසු­ගිය 22 වැනි දින බ්‍රිතාන්‍ය ජාති­කයා මෙර­ටට පැමිණ තිබෙන අතර මහ­නු­වර සංචා­ර­යක නිරත වීමෙන් පසු ඔහු අල­ව­තු­ගොඩ රිට්ටා­දෙ­ණිය ප්‍රදේ­ශයේ හෝට­ල­යක කාම­ර­යක් කුලි­යට ගෙන නතර වී තිබෙන බව පොලිස් පරී­ක්ෂණ මගින් අනා­ව­ර­ණය වී තිබේ. තම කාම­රයේ තිබූ රුපි­යල් 90,000ක මුද­ලක් අත් ඔර­ලෝසු දෙකක්, සෝනි වර්ගයේ කැම­රා­වක් සහ ඇපල් වර්ගයේ කැම­රා­වක් කිසි­යම් පුද්ග­ල­යකු විසින් සොරා­ගෙන තිබෙන බවට විදේ­ශි­කයා පසු­ගිය 26 දින පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත.

ඒ අනුව පරී­ක්ෂණ කිරීමේ දී අනා­ව­ර­ණය වී ඇත්තේ කාම­රයේ දොර­ගුළු කාම­රය තුළ සිට කඩා තිබෙන බවයි. ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරී­මේදී සිද්ධිය පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන අන­වශ්‍ය බවත් රක්ෂණ මුදල් ලබා ගැනීම සඳහා ලිය­වි­ල්ලක් නිකුත් කිරීම පම­ණක් ප්‍රමා­ණ­වත් බවත් විදේ­ශි­කයා පවසා ඇත.

ඔහුගේ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් සැක­සිතී පොලි­සිය දිගින් දිග­ටම ප්‍රශ්න කිරී­මේදී ඔහු වැඩි­දුර විම­ර්ශන අන­වශ්‍ය බව පව­ස­මින් පොලි­සි­යෙන් පිටව ගොස් තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් අල­ව­තු­ගොඩ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුජීව ගුණ­ති­ලක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පරී­ක්ෂණ පැවැ­ත්වෙයි.

අසේල කුරු­ළු­වංශ