ma-oya-incident

යාංග­ල්මෝ­දර මංස­න්ධිය අසල පහළ වළ­කු­ඹුර අඔ­යා­ය­වත්ත ප්‍රජා ශාලාව පිටු­පස මාඔයේ පෙරේදා(27) පොල්ග­හ­වෙල ශාන්ත බර්න­දෙත් මහා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලබන සිසුන් 04 දෙනෙක් දියේ ගිලී මිය ගියේ දෙමා­පි­යන් දරු­වන් කෙරෙහි තැබූ දහ­සක් බලා­පො­රොත්තු සුන් කර­මිනි.

දිය නෑමට එක් වූ සිසුන් 10 දෙනා සුපු­රුදු ලෙස පාසල් ගොස් අධ්‍යා­පන කට­යු­තු­වල නිරත වී සවස 2.00ට පමණ පහළ වළ­කු­ඹුර මාඔය අසළ පදිංචි කළණ ලක්ෂිත මිතු­රාගේ නිව­සට පැමිණ ඇත්තේ කළණ ලක්ෂිත තම මිතු­රන් වෙනු­වෙන් සකස් කර තිබූ දිවා ආහා­රය ලබා ගැනීම සඳ­හාය. එසේ පැමිණි ඔවුන් දිවා ආහා­රය ගැනී­මට පෙර මාඔ­යට ගොස් ඇත්තේ ඔහුගේ නිවස පිටු­පස මාඔයේ දිය නාමින් විනෝද වීම­ටය. ඔවුන් එකි­නෙ­කාගේ දෙමා­පි­යන් හට ඒ බව දන්වා තිබු­නද ඔවුන් සියලු දෙනාගේ යටි අර­මුණ වී ඇත්තේ ඔවුන් ගේ අව­සන් ගම­නා­න්තය මාඔයේ දියඔ වූ නිසාය.



ඔවුන් සියලු දෙනාට දිවා ආහා­රය සකස් කර තිබූ කළණ ලක්ෂි­තගේ මව සහ පියා ඔවු­නට නොප­මාව කෑමට පැමි­ණෙන ලෙසද ඉල්ලීම් කර ඇති අතර පරි­ස්ස­මට නොප­මාව පැමි­ණෙන ලෙසද අව­වාද කර ඇත.

කළණ ලක්ෂිත සමඟ මාඔ­යට ගිය මිතු­රන් 11 දෙනා අත­රින් 05 දෙනකු දිය නෑමට ගොස් ඇති අතර ඉතිරි 06 දෙනා එහි දිය නොනා එහි රැඳී සිට ඇත.

ගැඔුරු දියට බැස දිය නාමින් විනෝද වන අතර මිතුරු පිරිසේ ඉතිරි 06 දෙනා මාඔයේ ඔබ මොබ ඇවි­දි­මින් ඔවුන් දිය නාමින් විනෝද වන අයුරු බල­මින් සිට ඇත. ගත වුයේ නිමේ­ෂ­යකි . සියලු දෙනා අන්ද මන්ද කර­මින් පතුල නොපෙ­නෙන ගැඹුරු දිය පතුලේ මිතු­රන් පස් දෙනා එකි නෙකා නොපෙනී ගියේ කිසි­ව­කුට සර­ණක් හෝ පිහි­ටක් පැතී­ම­ට­වත් ඉඩ නොත­බ­මිනි. වහා එහි සිටි කළ­ණගේ මිතු­රන් උදව් ඉල්ලා කෑ ගැසු අතර අස­ල්වැ­සි­යන් වහා දිව විත් දරු­වන් බේරා ගැනීමේ මෙහෙ­යුම ඇරැ­ඹූහ. ඉන් විනාඩි 20කට ආසන්න කාල­ය­කදී ගිලී සිටි එක් දරු­වකු දිය මතු පිටට ගෙන එන්නට ඔවුන් සමත් විය. එම දරුවා ජීවත්ව සිටින අතර ඔහු කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබයි.

අනෙ­කුත් දරු­වන් බේරා ගැනීමේ මෙහෙ­යුම අඛ­ණ්ඩව සිදු කෙරු­ණද ඔවුන් ගිලී සිටි ස්ථානය අඩි 35 ක් පමණ වූ ගැඹුරු වක්ක­ල­මක් සහිත ස්ථාන­යක් වූ බැවින් ඔවුන් බේරා ගැනීමේ කාලය තවත් දිගු විය. එ් මොහොතේ පැවැති අධික වර්ෂාව පවා නොතකා තරුණ පිරිස හා ප්‍රදේ­ශ­වා­සීන් ඉතිරි සිව් දෙනා සොයා ගන්නා විට සවස 05 පසු වී තිබිණ. ගොඩ ගත් සියලු දෙනා රෝහල් ගත කළද එක් අයකු හැර ඉතිරි හතර දෙනාම මෙලොව හැර ගොස් අව­සන්ය.

ක්‍රීඩා කුස­ල­තා­ව­න්ගෙන් හෙබි රටට දැයට වැඩ­දා­යක පුර­වැ­සි­යන් ලෙස ඉදිරි දිනෙක දී වග­කීම් දැරී­මට සිටි එම සියලු දෙනා ජල රකු­සාට බිලිව මෙලොව හැර ගොස් අව­සන්ය.

පහළ වළ­කු­ඹුර පදිංචි කළණ ලක්ෂිත අම­ර­සිංහ(14) ශාන්ත බර්න­දෙත් මහා විද්‍යා­ලයේ 09 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන 15 න් පහළ ක්‍රිකට් කණ්ඩා­යමේ නාය­ක­ත්වය හොබ­වන අතර 17න් පහළ ක්‍රිකට් කණ්ඩා­ය­මද නියෝ­ජ­නය කරන ඔහු පාසලේ ඉගෙ­නී­මට මෙන්ම බාහිර ක්‍රියා­කා­ර­ක­ම්ව­ලදී කැපී පෙනෙන දක්ෂ සිසු­වෙකි. කළ­ණගේ පවුලේ ඔහුට තවත් එක් බාල සහෝ­ද­රි­යක් වේ.



පොල්ග­හ­වෙල තල­ව­ත්තේ­ගෙ­දර පදිං­චිව සිටි රවිඳු රන්මිණ අම­ර­සිංහ(14) පොල්ග­හ­වෙල ශාන්ත බර්න­දෙත් මහා විද්‍යා­ලයේ 09 සී ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන ඔහුට පවුලේ වැඩි­ම­හල් සහෝ­දර යකු සිටී ඔහු පවුලේ බාල­යාය.

කවීන් සෙනුර(14) පොල්ග­හ­වෙල මැද්ද­ලන්දේ පදිං­චිව සිටි අතර ඔහු පවුලේ වැඩි­ම­ලාය. ඔහුට තවත් නැඟ­ණි­යක් සිටී.

විදෙස් දෙවි­මිණ(14) පහළ වළ­කු­ඹුර බල­ගල්ල වත්ත පදිං­චිව සිටි අතර ඔහු පවුලේ වැඩි­ම­ලාය ඔහුට තවත් සොහො­යු­රකු ද සිටී.

මෙම මර­ණ­යන් දියේ ගිලී­මෙන් සිදු වූ මර­ණ­යන් බවට සිදු කළ මරණ පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය විය. මේ පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පොල්ග­හ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ හදිසි මරණ පරී­ක්ෂක එස්. පී. තිලක් ප්‍රේම­සිරි මහ­තාගේ හා දිස්ත්‍රික් වෛද්‍ය නිල­ධාරී එම්. එස්. පී. කේ. අල­වල යන මහ­ත්ව­රුන් ඉදි­රි­යේදී පැවැ­ත්විණි.

 අලව්ව - ජයන්ත දිසා­නා­යක