kalutara-school-nagoda

කළු­තර ප්‍රසිද්ධ පාස­ලක 7 සහ 8 ශ්‍රේණි­වල සිසුන්ට ලබා­දුන් එන්න­තක් විස වීම හේතු­වෙන් ළම­යින් දස දෙනකු ප්‍රති­කාර සඳහා කළු­තර නාගොඩ ශික්ෂණ රෝහ­ලට ඊයේ (28) දහ­වල් ඇතු­ළත් කර තිබේ.

අවු­රුදු 12 සහ 13 වය­ස්වල පසු­වන මෙම දරු­වන් එන්නත් කිරී­මෙන් පසු විවිධ රෝග ලක්ෂණ මතුව තිබේ.

එම වයස් කාණ්ඩ­වල සිසුන්ට ලබා­දෙන වැඩි­හිටි ගල­ප­ටල පිට­ගැස්ම (aTd) එන්නත පාස­ලේදී ලබාදී ඇති බවට වාර්තා වන බව රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් කීය.


කළු­තර සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යා­ලයේ වෛද්‍ය­ව­රුන් සහ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩ­ලයේ පිරි­සක් ඊයේ එම විද්‍යා­ල­යේදී එන්නත ලබාදී තිබේ. එන්නත ලබා­දී­මෙන් පසු ළම­යින් අස­නී­පව ඇති බවත් හුස්ම ගැනීමේ අප­හ­සුතා, ක්ලාන්තය සහ බියට පත්වීම ඇතුළු විවිධ රෝග තත්ත්ව­යන් පෙන්නුම් කර ඇති බවත් සඳ­හන් වේ.
අස­නීප තත්ත්ව­යන් පෙන්නුම් කළ සිසුන් ගිලන් රථ ගෙන්වා කඩි­න­මින් රෝහ­ල්ගත කිරී­මට සෞඛ්‍ය අංශ පිය­වර ගෙන ඇති බව කළු­තර අධ්‍යා­පන කලා­පයේ උසස් බල­ධා­රි­යෙක් පැව­සීය.


කළු­තර නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ආ සිසුන් ප්‍රති­කාර සඳහා කළු­තර ගල්ල­ස්සේන ළමා හා කාන්තා රෝහ­ලට යොමු කර ඇති බව නාගොඩ ශික්ෂණ රෝහලේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

රෝහ­ල්ගත කර ඇති සිසුන්ගේ තත්ත්වය බර­ප­තළ නොවන බව ද රෝහල් උසස් නිල­ධා­රි­යෙක් වැඩි­දු­ර­ටත් පැව­සීය.

 පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක