kurunegala-incident

කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පෙරේදා (24) රාත්‍රී 10.00ට පමණ සිසුන් දෙපාරිශ්වයක් අතර ඇති වූ ගැටුමකින් සිසුවියන් හය දෙනකු සහ සිසුන් හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

සිසුවියෝ දෙදෙනෙක් සහ සිසුහු තිදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ද,

සිසුවියෝ සිවු දෙනෙක් සහ එක් සිසුවෙක් පොල්ගොල්ල රජයේ ප්‍රාදේශීය රෝහලේ ද ප්‍රතිකාර ලබති.ප්‍රේම සම්බන්ධතාවක් මත හටගත් බව කියන ආරාවුලක් දුර දිග යෑම මෙම ගැටුමට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

එම අධ්‍යාපන ආයතනය බාරව සිටින  පුද්ගලයා මේ සිද්ධිය ගැන පෙරේදා රාත්‍රියේම ගොකරැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින සිසු සිසුවියන්ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් ඊයේ එම රෝහල්වලට පිටත් කර යවනු ලැබූ බව පොලිසිය සඳහන් කළේය.ගොකරැල්ල ප්‍රදේශයේ මෙම පෞපෞද්ගලික අධ්‍යාපන ආයතනය රජයේ ලියාපදිංචි කරන ලද එකක් බව පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසු සිසුවියන්ට එහි නේවාසිකව අධ්‍යාපනය ලබා දෙන බවත් පොලිසිය වැඩිදුරටත් කීය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය