
කළ ක්‍රියාව බරපතළ ක්‍රියාවක් වශයෙන් සැලකිය යුතු යැයි නීතිඥවරියගේ නීතිඥභාවය අත්හිටුවමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පැවැසීය.වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා නඩුව පවරා ඇති මෙම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගාමිණී අමරසේකර ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තිබු නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් රැගෙන එය කටේ දමා හපා විනාශ කිරීමෙන් නීතිඥවරයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරෙන ලදැයි විත්තිකාර නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ඉදිරිපත් කර ඇත.නඩුව කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය කළ විනිසුරු මඩුල්ල වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරියට එරෙහි නඩුව අප්‍රේල් 02 වැනිදා විභාගයට ගැනීමට ද තීරණය කළේය.
රන්ජන් කටුගම්පොළ
Comments
Post a Comment
Your comment will be visible after approval