korathota-incident

කඩු­වෙල කොර­තොට පට්ටි­ය­වත්ත පාරේ නි‍ෙව­සක් තුළ කාන්තා­වක් ඝාත­නය කිරීමේ සිද්ධි­යට සැක පිට එම කාන්තා­වගේ ඥාති පුත්‍ර­යෙකු සහ තවත් අයෙකු කඩු­වෙල පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම ඥාති පුත්‍රයා ඝාත­නය වූ කාන්තා­වගේ නි‍ෙව­සට යාබද නි‍ෙවසේ පදිං­චිව සිට ඇති අතර නිතර එම නි‍ෙව­සට යන එන අයෙකි. ඔහු වයස අවු­රුදු 38ක් වන අයකු බව පොලි­සිය පව­සයි.



ඔහු සමඟ අත්අ­ඩං­ගු­වට පත් අනෙක් තැනැත්තා සැක­ක­රුගේ නි‍ෙවසේ කිසි­යම් අලු­ත්වැ­ඩි­යා­වක් කිරී­මට පැමිණි අයකු වේ. කඩු­වෙල කොත­ලා­වල පට්ටි­ය­වත්ත පාරේ පදිං­චිව සිටි දෙදරු මවක වූ අජන්තා කටු­ග­ම්පල (52) නමැති කාන්තාව පසු­ගිය බදාදා පෙර­ව­රුවේ සිය නි‍ෙවස තුළ­දීම හිසට සිදුවූ බර­ප­තළ තුවාල සහි­තව වැටී සිටි­යදී හමුවූ අතර ඇය පැලඳ සිටි රන් ආභ­රණ කිහි­ප­යක් ද අතු­රු­දන්ව තිබිණි.

පොලි­සිය සැක­ක­රු­ව­න්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මිය­ගිය කාන්තා­වගේ ජංගම දුර­ක­ත­නය ද සොයා­ගෙන තිබේ.

සැක­ක­රු­වන් කඩු­වෙල අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කොට පැය 48ක රැඳ­වුම් නියෝග ලබා­ගෙන වැඩි­දුර විම­ර්ශන සිදු­ක­රන බව කඩු­වෙල පොලිස් ස්ථානා­ධි­පති ප්‍ර.පො.ප. කාන් වීර­සිංහ මහතා පැව­සීය.

(සුගත් ප්‍රේම­ති­ලක)