doramadalawa-incident

ගිනි තැබී­ම­කින් පිලි­ස්සී­මට ලක්වූ නාග­යෙ­කුගේ සහ සුන­ඛ­ය­කුගේ සත්ත්ව කොටස් අතර පිලි­ස්සුණු මිනිස් හිස් කබ­ලක් තිබීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පොලි­සිය විශේෂ පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කිරීමේ පුව­තක් මිහි­න්ත­ලය පොලිස් වසමේ දොර­ම­ඩ­ලාව ප්‍රදේ­ශ­යෙන් වාර්තා වේ.



මිහි­න්ත­ලය, දොර­ම­ඩ­ලාව පොදු සුසාන භූමිය තුළ කිසි­යම් පුද්ග­ල­යෙ­කුගේ පිලි­ස්සුණු අස්ථි කොටස් කිහි­ප­යක් තිබෙන බවට ලැබුණු පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් ප්‍රථ­ම­යෙන් මෙම විම­ර්ශ­නය ආරම්භ කළ බව පොලි­සිය සඳ­හන් කළේය. එම ස්ථාන­යට ගොස් වැඩි­දුර විම­ර්ශන සිදු කිරී­මේදී මිනිස් හිස් කබල සමඟ තිබී සුන­ඛ­ය­කුගේ හා නාග­ය­කුගේ ද අස්ථි කොටස් තිබී හමුවූ බවද පොලි­සිය සඳ­හන් කළේය.



මෙම පිලි­ස්සුණු අස්ථි කොටස් පිළි­බ­ඳව පරීක්ෂා කිරී­මේදී සැක කට­යුතු තත්ව­යක් ඇති වීම හේතු­වෙන් එම අස්ථි කොටස් මෙහිදී අනු­රා­ධ­පුර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි එම්.එම්.ඒ.සී. ගුණ­ති­ලක මහ­තාගේ නිරී­ක්ෂ­ණ­යට ලක් කෙරුණි.

විම­ර්ශන කට­යුතු සිදු කෙරෙ­මින් තිබුණු ස්ථාන­යට පැමිණි අස­ල්වැ­සි­යකු පොලි­සිය හමුවේ ප්‍රකා­ශ­යක් ලබා දෙමින් කියා සිටියේ, නාග­යකු විසින් තම නි‍ෙවසේ සිට සුන­ඛ­යාට දෂ්ට කිරීම හේතු­වෙන් නාග­යාට පහ­රදී මරා දැමූ බවත්, පසුව සුන­ඛයා ද මිය ගිය බවය. ඉන් අන­තු­රුව එම සුන­ඛයා සහ නාගයා සුසාන භූමියේ මෙම ස්ථාන­යට ගෙන­විත් දමා පුලුස්සා දැමී­මට කට­යුතු කළ බවද කීය.



තව­දු­ර­ටත් එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලි­සි­යට ප්‍රකා­ශ­යක් සිදු කර­මින් එම පුද්ග­ලයා අනා­ව­ර­ණය කර සිටියේ, සුන­ඛයා සහ නාගයා පිලි­ස්සෙ­මින් තිබූ ගිනි ගොඩට අසල ගල් වැඩ­ප­ලක සේවයේ නිරත අස­ල්වා­සි­යකු විසින්, සුසාන භූමි­යේම තිබූ මිනිස් හිස් කබ­ලක් ගෙන­වි­ත්දමා ඇති බවය. කෙසේ වෙතත් පොලි­සිය පව­සන්නේ පුද්ග­ල­යෙ­කුගේ හිස් කබ­ලක් මෙසේ පුලුස්සා දැමීම පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ ආරම්භ කර ඇති බවය. සත්ත්ව අස්ථි කොටස් සමඟ හමුවූ පුද්ගල අස්ථි කොටස් පිළි­බ­ඳව පව­තින සැක කට­යුතු තත්ත්වය හේතු­වෙන් එම ස්ථානය මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාගේ ද පරී­ක්ෂ­ණ­යට ලක් කිරී­මට නිය­මි­තව තිබුණි.
අනු­රා­ධ­පුර -සශිනි මධු­ෂානි