keheliya-phone-court-case

තමාට නිත්‍යනුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිත කර එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුදුණ නීතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ 'දූෂණය' වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති ඛණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවය මතු කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නඩුව විභාගය ජූලි 22 වැනිදා පැවැත්වීමට දින නියම කළේය.ර

ෝගී තත්වයෙන් පසුවන බව දැනුම් දෙමින් පසුගිය නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකළ විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට කළ නියෝගයකට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

වර්ෂ 2010 නොවැම්බර් 22 වැනිදා සිට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු විත්තිකරු තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියල් 44000/- ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මගින් අල්ලස් පනතේ 'දූෂණය' නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

මෙලෙස චෝදනා ලබ සිටින්නෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද නමැත්තෝය.අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩු පැවරූ අතර, ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මූලික

විරෝධතාවක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් අනුව විත්තිකරුවන් නියෝගයකට දෙදෙනා නිදහස් කෙරිණි.නිසි ආකාරයට යළි නඩු පැවරිමට පැමිණිලිකාර අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව ඒ අවස්ථාවේදී දැනුම් දීම මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස යළිත් වරක් නඩු පැවැරිණි.

නඩුව කැඳ වූ අවස්ථාවේදී නඩුවේ දෙවැනි විත්තිකාර රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා අධිකරණයේ පෙනී සිටි අතර, බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මෙම නඩුව ආරම්භ කළ අවස්ථාවේදී නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව විභාගයට ගැනීමට තීරණය කළේය. නඩුව විභාගය ජූලි 22 වැනිදා පැවැත්වීමට දින නියම කළ විනිසුරුවරයා නඩුව එදින කැඳවීමටත් විත්තිකරු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියම කළේය.
මනෝප්‍රිය ගුණසේකර