nikaweratiya-incident

අසූ අට හැවිරිදි සැමියාගේ වියෝව දරාගත නොහැකිව, අසූ පස් හැවිරිදි බිරිය වස ශරීරගතවීමෙන් මියගො‍ස් සිටි අඹු සැමියන්ගේ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ නිකවැරටිය අධිකරණ. වෛද්‍ය නිලධාරීනී ඒ.එම්.පී.පී. අබේකෝන් මහත්මිය මෙම මරණකරු හෘදයාබාධ තත්වයකින් සහ මරණකාරිය වස ශරීර ගතවීමෙන් මියගොස් ඇති බවට අනාවරණය කළාය.






මෙලෙස මියගොස් සිටියේ නිකවැරටිය පොලිස් වසමේ පදිංචි පස්දරු මවුපිය යුවළකි.නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ, නිකවැරටිය මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය සිදු කළේය.මරණකරු සහ මරණකාරිය තම නිවසේ පුතා, ලේලිය සහ ඔවුන්ගේ දරුවන් සමග ජීවත් වී ඇති බවත්, මොවුන් අඹු සැමියන් ලෙස මහත් ළෙන්ගතුව ජීවත්ව ඇති බවත්, සැමියා රෝගාතුරව සිටින නිසා යම් අවස්ථාවක ඔහු මිය ගියහොත්, තමා ද ජීවත් නොවන බවට බිරිඳ අවස්ථා කීපයකදී පවසා ඇති බව ද මරණ පරීක්ෂණයේ දී අනාවරණය කෙරිණි.ම

ෙදින පුතා සහ ලේලිය ව්‍යාපාරික කටයුතු සඳහා අලුයම පහට පමණ නිවසින් බැහැරව ගොස් ඇති අතර, මිනිබිරිය උදෑසන තේ දීම කාමරයට ගිය අවස්ථාවේ කිරි අම්මා ඇඳ මත කෙඳිරි ගාමින් සිටින අයුරු සහ කිරි අත්තා ඔහුගේ ඇඳ මත මියගොස් සිටින අයුරු දැක ඇති බව ද මරණ පරීක්ෂණයේ දී අනාවරණය කෙරිණි.

එම මිනිබිරිය ඥාතීන් හා අසල්වාසින් ගේ සහය ඇතිව වස පානය කර සිටි කිරිඅම්මා ප්‍රතිකාර සඳහා වහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, රෝහල් ගත කරන අවස්ථාවේම ඇය මරණයට පත්ව ඇති බව ද හදිසි මරණ පරීක්ෂණයේ දී තව දුරටත් අනාවරණය කෙරිණි. නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස්, ස්ථාන පරීක්ෂාවක් සිදුකර, සිය ඇඳ මත මියගොස් සිටි මරණකරුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නිකවැරටිය මූලික රෝහලට රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.



වෛද්‍ය වාර්තාව, ලැබුණ සාක්ෂි සහ ස්ථාන පරීක්ෂාව සැලකිල්ලට ගත් නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා මෙම මරණකරු හෘදයාබාධ තත්වයකින් සහ මරණකාරිය වස පානය කර  සියදිවි හානි කරගැනීමකින් මෙම මරණයන් සිදු වූ බවට නිගමනය කළේය.නිකවැරටිය මූලස්ථාන පොලීසියේ පොලිස් සැරයන් රූපසිංහ නිලධාරීයා සාක්ෂි මෙහෙයවීය.

ප්‍රියාණි මංගලිකා