rohitha-cope-issue

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉවත්වූ මන්ත්‍රීවරුන් වෙනුවට නව සාමාජිකයන් පත්කරන්නැයි පාර්ලිමේන්තුව විපක්ෂ නායක කාරියාලයට කළ දැනුම් දීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ ර

ෝහිත අබේගුණවර්ධන මහතා කෝප් කමිටුවේ සභාපති පුටුවේ සිටින තුරු විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් නම් නොකරන බවයි.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැනටත් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ විපක්ෂයේ සාමාජිකයන් පස් දෙනකු පමණක් බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් එම පස්දෙනා වෙති.ඔවුන් සිය ඉල්ලා අස්වීම් ලිඛිතව බාර දී ඇත. මන්ත්‍රීවරුන් තවත් පිරිසක් කෝප් කමිටුවෙන් ඉවත්වන බවට ප්‍රකාශ කළ ද ඒ බව ලිඛිතව දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. කෝප් කමිටුව සාමාජිකයන් 31 දෙනකුගෙන්

සමන්විත වෙයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 19 දෙනෙක් විපක්ෂයේ සාමාජිකයෝ දොළොස් දෙනෙක් ඊට මෑතක දී පත්වූහ.ඉල්ලා අස්වීම් සමග ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් ගණන 18 ක් දක්වා අඩු වී ඇති අතර, විපක්ෂයේ අඩු වී ඇති සාමාජිකයන් ගණන අටකි. කෝප් කමිටුව රැස්වීම සඳහා සිටිය යුතු අවම සාමාජික සංඛ්‍යාව (ගණපූර්ණය) පහකි.
සුජිත් හේවාජුලිගේ