
රත්නපුර ප‍්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට බලෙන් කඩාපැන එහි සිටි තරුණියක බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත්කළ පොලිස් නිලධාරියෙකු හා පොලිස් ස්ථාන සේවකයකු ගැන වාර්තාවේ.
සිරිපාගම පොලිසියට අනුයුක්ත විශේෂ කාර්යයේ කොස්තාපල්වරයකු සහ එහි බහුකාර්යයේ යෙදුණු පුද්ගලයකු මෙලෙස සම්බාහන ස්ථානයට කඩා පැන අපි පොලිසියෙන් අපි කියන දේ කරොත් පොලිසියට අල්ලා යන එකෙන් බේරෙන්න පුළුවන්. කියා මෙම කොස්තාපල්වරයා සිය හැඳුනුම්පත පෙන්වා තිබේ.
අවශ්‍ය කරන්නේ කුමක්දැයි සම්බාහන හිමියා ප්‍රශ්න කළ විට එැතින සිටි සරාගී තරුණියක පෙන්වා ඇයව පිටතට ගෙනගොස් රාත්‍රිය ගතකර නැවත පබාදෙන ලෙස ඉල්ලා ඇත.
එම අවස්ථාවේ එසේ කළ නොහැකි බව පවසා ඇති සම්බාහන හිමිකරු කුරුවිට පොලිසියට මෙය දන්වා ඇති අතර
කුරුවිට පොලිසිය පැමිණ මෙම දෙන්නාව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තරුණිය මෙසේ රැගෙන යෑමට තැත්කර ඇති අතර බහුකාර්ය නිලධාරියා පවසා ඇත්තේ අපිට එලිවනතුරු පුංචි විනෝදයක් ගන්නයි ඕන වුනේ ලෙසිනි.
සිද්ධිය සමථයකට පත්කර පසුව ඔවුන් ඇප පිට නිදහස් කළ බව කුරුවිට පොලිසිය කියයි.
Comments
Post a Comment
Your comment will be visible after approval