Test-victory-for-Sri-Lanka-against-Bangladesh

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය අත්කරගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
තරඟයේ සිව් වන දිනය වූ අද දිනයේ බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා දිවා ආහාරයට තරඟය නතර කරන විටදී කඩුලු 07ක් දැවී ලකුණු 129ක් රැස් කරමින් අසීරු අඩියක පසු වු අතර අනතුරුව ලකුණු 182 දී දැවී ගියා.
මොමිනුල් හක් ලකුණු 87ක් ලබා ඉනිමේ වැඩිම ලකුනු ලාභියා විය.

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලු 03 බැගින් බිඳ හෙළු අතර ලහිරු කුමාරද එක් කඩුල්ලක් බිඳ හෙළණු ලැබුවා.



ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 280ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 188ක් පමණයි.  

ඉන් අනතුරුව යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 418ක් රැස් කළා.

බංග්ලාදේශ කණ්ඩායමට තරඟය ජය ගැනීමට නම් තවත් ලකුණු 382ක් රැස් කළ යුතුව තිබියදී 182 දී දැවී ගියහ.
ධනංජය ද සිල්වා 102 හා 108 ලෙසත් කමිඳු මෙන්ඩිස් 164 හා 102 ලෙසත් ඉනිම දෙකේදීම ශතක රැස්කිරීම මෙම ජයග්‍රහණයට බලපෑවේය.