galle-incident

ගාල්ල බන්ධනාගාරය තුළට වැටී තිබූ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගත් ජේලර්වරයාගේ නිවස ඉදිරිපිට මල් වඩමක් තැබීමේ සිද්ධියක් වාර්තා වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.ඊයේ (18දා) පෙරවරුවේ ජේලර්වරයාගේ පුද්ගලික නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට මල් වඩමක් හා ඉටිපන්දමක් තබා ගොස් ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයා විසින් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ප

ෙරේදා (17දා) ප.ව.04.00 පමණ ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට පිටතින් කිසියම් පුද්ගලයෙකු විසින් එහි බන්ධනාගාර රෝහල පරිශ්‍රයට තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් විසි කර ඇති අතර, එම පාර්සලය රාජකාරි නියුතු ජේලර්වරයෙකු විසින් අත්ඇගුවට ගෙන තිබේ.

එම පාර්සලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්සලය වැටී තිබු ස්ථානය අසල බන්ධනාගරගත සැකකරුවෙකු රැදි සිට ඇති බවද පැවසේ. එම සැකකරු බන්ධනාගාරය තුළ මත් ද්‍රව්‍ය ජාවාරම් කිරිම හා තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා බවට තොරතුරු ලැබී තිබූ අයෙකු බැවින්

ජේලර්වරයා විසින් සැකකරු කැඳවා අදාළ පාර්සලය පිළිබද ප්‍රශ්න කර තිබෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරිමටත්, කටයුතු කළ බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දික හේවතාරණ