gota-adviser-nabbed-with-drugs

ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බළකායේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ශාරීරික ව්‍යායාම උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින් හිටපු ජනාධිපතිවරයා සමඟ සමීපව සිට ඇති මෙම සැකකරු, ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීමෙන් පසු යුද හමුදාවෙන් ඉවත් වී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

යහලකන්න, නෙල්ලිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු 35 හැවිරිදි දෙදරු පියෙකි. අදාල සැකකරු හෙරොයින් මත්කුඩු ජාවාරම් කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් මඩු සමග සැකකර අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු යුද හමුදාවෙන් ඉවත්වීමෙන් පසු දෙමටගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටින අතරතුර

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ඇසුරට පත්වීමෙන් පසු ඔහු හෙරායින් මත්කුඩු ජාවාරමට යොමු වී ඇති අතර, හොරායින් මත්කුඩු භාවිතයටද ඇබ්බැහි වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.ඔහු සේවය කළ කොමාන්ඩෝ ඒකකයේ සිටි අතිදක්ෂ වෙඩික්කරුවන් දසදෙනා අතරද සිටින බව කියන සැකකරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ඇසුරේ සිටියදී කිසියම් අපරාධ සිදුකොට ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සදහා රදවා ගැනීමේනියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.