
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැණි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (18දා) ඉදිරිපත් කළාය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම්කර තිබේ.වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැණි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින්
නීතිය පිළිබඳ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය සහ සමගි ජන බලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා මුලින්ම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබූ අතර, පසුව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තවත් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබීය.
පුද්ගලයෙකුට වධ හිංසා කිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු වරදකරු කරමින් ප්‍රකාශිත නඩු තීන්දුවක් අනුව ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට නියම කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,
රුපියල් ලක්ෂ පහක වන්දියක් ලබා දෙන ලෙස ඔහුට නියම කරන්නැයි මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින්නීය.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු විරුද්ධ වූ බැවින් එය ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ තීරණයක් නොවන බව සඳහන් කරන පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, අදාළ තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින්නීය.
බුද්ධිමාල් රුබේරු
Comments
Post a Comment
Your comment will be visible after approval