earth-time-changed

පෘථිවිය භ්‍රමණය වන වේගය වැඩි වීමට පටන්ගෙන ඇති බැවින් එය පෘථිවි වේලාව වෙනස් කිරීමට හේතුවක් වනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥ කණ්ඩායමක් තොරතුරු අනාවරණය කර තිබේ.

ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවී  පෘථිවි හරයට බලපෑම් එල්ල කිරීම නිසා පෘථිවියේ භ්‍රමණ වේගය මෙලෙස වැඩිවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ බව ලොවට අනාවරණය කළේ ඇමෙරිකාවේ කැලිෆෝනියා සැන්ඩියේගෝ විශ්ව විද්‍යාලයේ භූ භෞතික විද්‍යාඥ ඩුන්කාන් ඇග්නිව් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමය.

‘මේක අපට දැනෙන විදියේ විශාල වෙනස් වීමක් නොවෙයි. අද පහෙට සිදුවන දෙයකුත් නොවෙයි. මේ වෙනස සිදුවනු ඇත්තේ 2029 වසර්දීයි. ඒ වගේමයි කාලය වෙනස් වීමක් සිදුවන්නේ තත්ත්පර කීපයකින් පමණයි. අපට මේ වෙනස නොදැනුනත් පරිගණක භාවිතයේ දී පරිගණක කටයුතුවලට එයින් යම් බලපෑම් සිදුවේවි’ යැයි විද්‍යාඥ ඩුන්කාන් ඇග්නිව් පැහැදිලි කර තිබේ.