
බූස්ස අධි ආරක්ෂිත ඛන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රැවුල් කුමාර නැමැත්තාගේ ඉනෙහි සඟවා තබාගෙන තිබූ බව කියන ජංගම දුරකතනයක් පෙරේදා (24) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රැවුල් කුමාර නැමැති සංවිධානාත්මක අපරාධකරුවා රඳවා සිටින විශේෂ මැදිරියේ කළ සෝදිසි මෙහෙයුමක දී රැඳවියාගේ ඉනෙහි සඟවා ගෙන තිබූ සිම්පතක් ජංගම දුරකතනයක්, චාජර් හා අමතර බැටරියක් ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බළකාය නිලධාරීන් භාරයට ගෙන තිබේ.සැකකරු මෙම ජංගම දුරකතනය කිසියම් අපරාධයක් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමට යොදාගත්තේ ද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීමට නියමිතය.
ගයාන් සූරියආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval