
තිරුකෝවිල් මෙතෝදිස්ත දෙමළ මහා විද්‍යාලයේ පැවති මැරතන් ධාවන තරඟයට සහභාගී වූ සිසුවෙකු හදිසියේ මියයාම නිසා පසුගියදා කලබලකාරී තත්වයක් පැනනැගුණි.
සිසුවා සිහිසුන් වී තිරුකෝවිල් රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා වහාම අක්කරපත්තුව රෝහලට මාරුකර යවා සිටියදී ඔහු මිය ගියේය.
තිරුකෝවිල් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ජයකුමාර් විතුර්ජන් නමැති සිසුවා මෙම සිද්ධියෙන් මිය ගියේය.
සිද්ධියෙන් පසු තිරුකෝවිල් රෝහල ඉදිරිපිටට රැස්වූ පාසල් සිසුන් සහ මහජනතාව සාධාරණය ඉල්ලා උද්ඝෝෂණයක් ආරම්භ කළේ සිසුවාගේ මරණයට හේතුව වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල බව පවසමිනි.
විරෝධතාකරුවන් පැවසුවේ මියගිය සිසුවා පැය තුනක කාලයක් ප්‍රතිකාර නොලබා මියගිය බවයි.
අතිරේක පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එම ස්ථානයට කැඳවා තිරුකෝයිල් රෝහල අසලදී මියගිය සිසුවා වෙනුවෙන් දැවැන්ත උද්ඝෝෂණයක් ද පවත්වන ලදී.
සිසුවාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
තිරුක්කෝවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ද පරීක්ෂණ පවත්වයි.
උණුසුම් කාලගුණය හේතුවෙන් එළිමහන් ක්‍රියාකාරකම් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් සියලුම පාසල් බලධාරීන් වෙත පසුගියදා නිකුත් කර තිබීමද විශේෂත්වයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval