
නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසා දැමුණු ග්‍රහලෝකාගාරය අද (13) සිට යළි විවෘත කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන හා නවෝත්පාදන අධ්‍යක්ෂ මේ බව පවසා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ග්‍රහලෝකාගාර කලාපයේ ප්‍රොජෙක්ටර් උපකරණවල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය පෙබරවාරි 27 වැනිදා සිට ඊයේ (12දා) දක්වා ග්‍රහලෝක කලාපය තාවකාලිකව වසා දැමුණි.
එම ප්‍රක්ෂේපණ යන්ත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (13) බදාදා සිට ග්‍රහලෝකාගාරයේ ප්‍රදර්ශන නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර කාර්ය මණ්ඩලය අවශ්‍ය පියවර ගෙන ඇත.
දර්ශන
පාසල් සිසුන් සඳහා:
අඟහරුවාදා - සිකුරාදා: 10:00 සිට 5:00 දක්වා. 2.00 ප.ව
මහජනතාවට
සෙනසුරාදා : 10:00 a.m. - 10:00.00 p.m. 2.00 ප.ව
පාසල් සිසුන් සඳහා වෙන්කරවා ගැනීම සඳහා: 011 2586 499
Comments
Post a Comment
Your comment will be visible after approval