
අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයේ පියෙකු තම දරු දෙදෙනා ගෙල කපා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනය කර ඇති ඔහුගේ පුතුගේ වයස අවුරුදු 29ක් වන අතර දියණියගේ වයස අවුරුදු 15කි.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව ඔහුද ගෙල කපාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර මේ වන විට ඔහු කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි, වාර්තා වෙන්නේ.
පොලීසිය පැවසුවේ, මෙම ඝාතන සිදුකල පියා 63 හැවිරිදි වියේ පසුවන බවය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති ඔහුගේ දරුවන් දෙදෙනා කථන අපහසුතාවයෙන් පෙළෙන බවටද තොරතුරු වාර්තා වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval