kate-middleton-ai-video-conspiracy-theories

පසුගියදා ලෝකයේ අවධානය දිනාගනිමින් වේල්සයේ කුමරිය කේට් සිය පිළිකා රෝග තත්වය ගැන පුද්ගලික වීඩියෝ හෙළිදරව්වක් කළාය.මෙම ප්‍රකාශය අසා ලොවම සංවේදී වන අතරේ එය ‘කෘත්‍රීම බුද්ධිය ඔස්සේ නිර්මාණයෙන් පළ කළ ව්‍යාජ කේට් කෙනෙකුගේ එකක්“ යයි ආරංචි සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් මතු කළ අතර වීඩියෝවේ ඇතැම් අංගචලන හා කේට්ගේ පෙනුම සම්බන්ධ උපුටන සහිතව තර්ක ගොඩනගා තිබුණි.
නමුත් බ්‍රිතාන්‍ය මාධ්‍ය බකිංහැම් මාළිගය උපුටමින් නැවත තහවුරු කරන්නේ කේට්ගේ එම ප්‍රකාශය සත්‍ය ‘ඔරිජිනල්‘ එකක් බවය.


කේට්ට එරෙහි කුමන්ත්‍රණ න්‍යායන් දිගටම පවතින බව බ්‍රිතාන්‍යයේ පළවන ගාර්ඩියන් පුවත්පත මේ ගැන සඳහන් කරමින් දන්වා තිබේ.
වේල්ස් කුමරියගේ රෝග විනිශ්චය ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණය මාලිගය විසින් සැලසුම් කළ එකක් නොවන බවත් 42 හැවිරිදි කේට් සිය පෙනුම සඟවා සමාජයට මුහුණ නොදී හිතාමතා මෙය පතුරුවා හැර ඇත්තේ අනුකම්පාව හා වාසිදායි තත්වයන් නිර්මාණය කරගන්නට බවත් මෙම කුමන්ත්‍රණකරුවන් පතුරුවා හරන මත දෙකකි.
කේට් ඉලක්ක කර ගනිමින් පිටස්තර හා කුරිරු ප්‍රකාශයන් අඛණ්ඩව අන්තර්ජාලය හරහා සර්පිලාකාරව පවතින බව ගාර්ඩියන් පෙන්වා දෙයි.
කේට්ගේ නිවේදනයෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත, ඇගේ වීඩියෝව AI-ජනනය කරන ලද බවට විකාර පෝස්ට් ප්‍රචාරය කිරීමට පටන් ගත් අතර  සංවේදී වීඩියෝව රූගත කරන විට විළියම් අසල වාඩි නොවන්නේ මන්දැයි ප්‍රශ්න කරමින්ද පෝස්ට් පළ විය.


වීඩියෝව පළවී මිනිත්තු 30ක් ඇතුළත ගින්න අවුළුවා ඇති අය සොයා බැලීමේදී, හැරී සහ මේගන්ගේ දැඩි ආධාරකරුවෙකු වන Christopher Bouzy X හි ඔහුගේ අනුගාමිකයින් 350,000ක් වෙත මෙම විකාර පළ කරඇති බව හෙළි විය.
කේට්ගේ ප්‍රකාශය 'වෛද්‍ය තේරුමක්' නැති බව සීඑන්එන් ක්ලිප් එකක් ඔස්සේ වෛද්‍යවරයකු ප්‍රකාශ කළ අතර
ශල්‍යකර්මයෙන් පසු පිළිකාව සොයා ගන්නේ කෙසේදැයි එහිදී පෙන්වාදී තිබුණි.

කේට් සහ වේල්ස් කුමරුගේ හිටපු නිල ප්‍රකාශක පැඩී හාවර්සන් පැවසුවේ අන්තර්ජාලය හරහා ඇය ඉලක්ක කිරීම අවධානයට වීව්ස් ගැනීමට හා දැන්වීම් විකිණීම සඳහා ප්‍රේක්ෂකයින් අල්ලාගෙන සිටීමට යෙදූ බාල ගණයේ උපායන් බවයි.