ajith-kabral-court

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව් දෙනෙකුට රජයට රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නීතිමය පියවර ගෙන තිබේ. රුපියල් මිලියන 1,843.3ක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා මෙම පාඩුව කර ඇතැයි සඳහන්ය.



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශනවලින් අනතුරුව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ නඩුවක් ගොනු කළ බව කොමිසම ප්‍රකාශ කළේය.

2012 වසරේ ග්‍රීසියේ පැවති මූල්‍ය අර්බුදය අතරතුර ග්‍රීසියේ රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පූර්ව දැනුවත්භාවයක් ඇතිව සිදු කරන ලද මෙම භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 100ක පාඩුවක් සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.  



ඒ අනුව විමර්ශන අවසන් කිරීමෙන් පසු කොමිසම අජිත් නිවාඩ් කබ්රාල්, කංකානම්ගේ ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්දරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු අංක 1 යටතේ නඩුවක් ගොනු කළේය.