ameer-khan-59-birthday

අමීර් ඛාන් ඊයේ දින එනම් මාර්තු 14 වන දින , ඔහුගේ  සිය 59 වැනි උපන්දිනය සමරා ඇත.
එය ඔහු  සමරනු ලැබුවේ කිරන් රාඕ සහ ඔවුන්ගේ නවතම චිත්‍රපටය වන ලාපටා ලේඩීස් (Laapata Ladies) හි නළු නිළියන් සමඟ පැපරාසීන් ඉදිරියේ බව වාර්තා වෙයි.

 සාමාන්‍ය කළු ටී ෂර්ට් එකකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී සිටි ඔහු, විශාල චොක්ලට් කේක් ගෙඩිය කැපීමට පෙර, සැවොටම ස්තුති වන්ත විය.ඒ ඔවුන් ඔහුට ලබා දෙන ආදරයටයි..

ඒ අනුව “සුභ උපන්දිනයක්” ගීතය ගායනයෙන් එම අවස්ථාව සංගීතවත් වන විට ,

කිරන් රාඕට සහ ඔවුන්ගේ මෑත කාලීන චිත්‍රපටය වන Laapataa Ladies - Sparsh Shrivastava, Nitanshi Goel සහ Pratibha Ranta හි නළු නිළියන්ට කේක් කවමින් අමීර් තමන්ගේ නිහතමානි සතුට බෙදාගෙන ඇත.

අමීර් ඛාන්  ඔහුගේ අනාගත සැලසුම් ගැන පසුගිය මාසයේ, TV9 Bharatvarsh සමඟ සංවාදයකදී, කියා සිට ඇත්තේ ඉදිරි වසරවලදී සැලකිය යුතු රංගන ව්‍යාපෘති භාර ගන්නා බවයි.

තව දුරටත් ඉදිරි වසර 8-10 සඳහා ඔහුගේ සැලසුම් විස්තර කරමින්, ඔහු රංගනය  සහ නිෂ්පාදනය යන ක්ෂේත්‍රයන් දෙකටම ක්‍රියාකාරීව දායක වන බව පවසා ඇත.



එසේම සෑම වසරකම නළුවෙකු ලෙස අවම වශයෙන් එක් චිත්‍රපටයක් හෝ නිකුත් කිරීමට වග බලා ගැනීමට අමීර්  සිතා සිටින බව  එහිදී  හෙළි කර ඇත.

එපමණක් නොව, අමීර් එහිදී ඔහුගේ නිෂ්පාදන කාර්යන්හි දැක්මද සදහන් කර තිබු අතර ,ඔහුගේ දැක්මට අනුව හැකි තරම් අවුරුද්ද පුරා, තමාට  හමුවන සියලුම ගුණාත්මක  කථා නිෂ්පාදනය කිරීමට ඔහුට අවශ්‍ය බවත්,අමීර් ඛාන් නිෂ්පාදන තුලින්  නව දක්ෂතා ඇති අය සදහා වේදිකාව සකසන බවත් ප්‍රකාශ කර ඇත.

මෑතකදී නිකුත් වූ Laapataa Ladies චිත්‍රපටය, විකට නාට්‍යය Kiran Rao විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර Aamir Khan විසින් Jyoti Deshpande සමඟින් නිෂ්පාදනය කර ඇත.

Jio Studios විසින් ඉදිරිපත් කරන ලද මෙහි Nitanshi Goel, Pratibha Ranta, Sparsh Shrivastava, Chhaya Kadam සහ Ravi Kishan ප්‍රධාන චරිත නිරූපණය කරයි.

 මාර්තු 1 වැනිදා නිකුත් වූ  Laapataa Ladies  චිත්‍රපටය, අහිමි වූ මනාලියන් දෙදෙනෙකුගේ කතාව විස්තර කරයි.