putin-presidancy

රුසියන් ජනාධිපතිවරණය අද (15) ආරම්භ වන අතර එය දින තුනක් තිස්සේ පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය.ජනාධිපති විලැදිම්ර් පුටින්, තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි.71 හැවිරිදි පුටින්ට අභියෝග කිරීමට සමත් කිසිදු අපේක්ෂකයකු හෝ පක්ෂයක් හෝ නොමැති බැවින් ඔහු සහ ඔහුගේ ‘එක්සත් රුසියා දේශපාලනක පක්ෂයට පහසුවෙන් විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඒ අනුව, ව්ලැදිමීර් පුටින් තවත් වසර 6 ක් එනම්, 2030 තෙක් ධුරයේ රැඳී සිටිනු ඇත.

භූමි ප්‍රමාණයෙන් විශාලතම රට ලෙස සැලකෙන්නේ රුසියාවය. රුසියාව කාල කලාප කීපයකට ද අයත් වෙයි. ජනාධිපතිවරණය තෙදිනක් තිස්සේ පැවැත්වෙන්නේ එහෙයිනි ලබන 17 වැනිදා ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වනු ඇති අතර රුසියක් මැතිවරණ කොමිසය ජයග්‍රාහකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත්තේ මැයි මාසයේය.ජනාධිපති ව්ලැදිමීර් පුටින්,

රුසියන් "කේ.ජී.බී. රහස් ඔත්තු සේවයේ, ලුතිතන් කර්නල්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකි. පුටින්, පළමුවෙන් රුසියාවේ වැඩ බලන ජනාධිපති ධූරයට පත් විය.

ඒ, 1999 වස‌රේය. පුටින් එසේ වැඩ බලන ජනාධිපති ධූරයට පත් කරනු ලැබුවේ එවකට රුසියාවේ බලයේ සිටි බොරිස් යෙල්ට්සිං විසිනි ඉන්පසු පුටින් රුසියාවේ අග්‍රාමාත්‍ය ලෙස එක් ධූර කාලයක් සම්පූර්ණ කළේය. පුටින් රුසියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ 2012 මැයි මාසයේ සිටිය. ඔහු රුසියන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කින් දීර්ඝ කර ගත්තේය.2020 වසරේ දී පුටින්ගේ මැදිහත් වීමෙන් රුසියක් ව්‍යවස්ථාව වෙනස් කෙරුණි. ඒ අනුව, ජනාධිපති පුරයට ඉදිරිපත් වී, තවත් වසර 6 ක කාලයක් ජනාධිපති ලෙස කටයුතු කිරිමට ඉඩ සලසා ගන්නා ලදී. 2030 පමණක් නොව, ඉන්පසු 2036 වසර තෙක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට හැකි වනු ඇත.  රුසියාවේ ජනගහනය මිලියන 143 කි.



මිලියන 112 ක් රුසියානුවන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ බලධාරීන් පවසා ඇත. මෙවර ජනාධිපතිවරණයේ දී සියයට 70 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2018 ජනාධිපතිවරණයේ දී සියයට 67 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළහ. රුසියාව විසින් අල්ලා ගත් යුක්රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපයේත්, යුක්රේනයේ රුසියන් පාලනය යටතේ පවතින සෙසු පළාත්වලත් මැතිවරණ කටයුතු පැවැත්වෙයි. පුටින්ගේ නියෝගයට අනුව, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගැනීම මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන සාධකයක් වනු ඇත.

පුටින් සහ ඔහුගේ රජයේ දුෂණ වංචා ලොවට හෙළි කළ සමාජ ක්‍රියාකාරියකු වුයේ 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නිය. රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ සිරදඬුවම් නියම වූ නෙවල්නි, පසුගියදා රුසියන් සිර කඳවුරකදී හදිසියේ මියගියේය. නෙවල්නි දැඩි ලෙස පුටින් විවේචනයට ලක් කළ අයෙකි. සිර කඳවුරේදී නෙවල්නි ඝාතනයට ලක් වුණු බවටත්, එසේ වූයේ පුටින්ගේ අනුදැනුම යටතේ බවටත් චෝදනා එල්ල වී ඇත. නෙවල්නි සේම,

ජනාධිපති පුටින් විවේචනය කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට විරෝධය දක්වන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනකුලෙස  සැලකෙන්නේ 40 හැවිරිදි යෙකත්‍රීතා ඩන්ට්සෝවා සහ 60 හැවිරිදි බොරිස් නදේෂ්දීන්ය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට මොවුන් දෙදෙනාට නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.යුක්රේනයට එරෙහිව ගෙන යන හමුදා ක්‍රියාමාර්ගය වහා නවත්වන ලෙසත්, යුක්රේන අර්බුදය වහා විසඳ ගත යුතු බවක් ජනපති පුටින්ට සහ රුසියන් රජයට බලපෑම් කරන කත්‍රිනා ඩසෝවා, රුසියාවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවකි. පුටීන් සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන, පුටින්ට අභියෝගයක් නොවන අපේක්ෂකයෝ තිදෙනෙකි. ඔවුන් තිදෙනාගෙන් එක් අයකු 75 හැවිරිදි නිකොලායි කරිටොනොච්ය. මොහු රුසියන් පාර්ලිමේන්තුව හෙවත් දුමා සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයකු වන අතර කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරයි. ජනාධිපති අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ර6 හැවිරිදි ලියොනිඩ් ස්ටල්ස්කි, දුමා සභාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකි.

ලියොනිඩ් ස්ටල්ස්කි, නියෝජනය කරන්නේ ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී" පක්ෂයයි. තෙවැනි අපේක්ෂකයා වන්නේ 40 හැවිරිදි ව්ලැඩිස්ලෝව් ඩවත්තෝව්ය. රුසියන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ළාබාලතම තැනැත්තා ඩවන්කෝඩ් වන අතර, ඩවන්කෝව් නියෝජනය කරන්නේ “නිව් පීපල් පොලිටිකල් පාටි දේශපාලන පක්ෂයයි. රාජ්‍ය සම්මාන රැසකින් ව්ලැඩිස්ලෝව් පිදුම් ලබා ඇති අතර පුටින් විස් ලබා දුන් සම්මානයක්ද ඒ අතර වේ.