
නුගේගොඩ, ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම පාරේ ව්‍යාපාරික නිවසක මෙහෙකාරියක ලෙස සිට රුපියල් ලක්ෂ 55 අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් සැඟව සිටි කාන්තාව සහ ඇයගේ මිතුරිය අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
සැකකාරිය එම නිවසින් පවුම් 34 ක් බර රන් වළලු 7 ක්, මුදු 5 ක්, අත්පලඳනා 1 ක්, හා කරාබු ජෝඩු 2 ක් සොරාගෙන ගොස් තිබිණි.
ඉකුත් සැප්තැම්බර් මාසයේ දී එම නිවසේ මෙහෙකාරිය ලෙස සේවයට පැමිණ තිබූ ඇය අවස්ථා කීපයකදී කාමරයේ අල්මාරියේ දමා තිබූ රන්භාණ්ඩ තොගය සොරාගෙන තිබිණි.
නිවෙස් හිමි කාන්තාව අවශ්‍යතාවක් සඳහා රන් ආභරණ කීපයක් සොයා බැලීමේදී අල්මාරියේ දමා තිබූ සියලුම රන් භාණ්ඩ සොරාගෙන ඇති බවට දැකීමෙන් අනතුරුව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකාරිය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදීත් සොරාගත් එම රන් භාණ්ඩ කොළඹ ප්‍රදේශයට උකස් තැබූ බව කියන ඇයගේ මිතුරිය කිරුළපන ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
රන් භාණ්ඩ සොයා ගැනීම සඳහා සැකකාරියන්ගේ ප්‍රකාශ මත විමර්ශන සිදු කෙරේ.
මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් මහතා වැඩිදුර විමර්ශන කරයි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval