kotuwe-sadu-mahinda

නැසීගිය සනත් නිශාන්ත හිටපු රාජ්‍ය ඇමතිවරයා වෙනුවෙන් පෙරේදා කොළඹ පිහිටි නිවසේ පැවති පිංකමට වැඩම කළ කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ  මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ඉදිරිපිට සිට එහිදී කළ දේශනයෙහි කොටසක් පහත පරිදිය.


“මේ මුතු ඇටේ විතරයි මේවා වෙන්නේ කියලා සමහරු කියන්නේ. දැන් බංග්ලාදේශ ඡන්දය පැය හතළිස් අටක් ෆෝන් වැහුවා රටේ... සියලු අන්තර්ජාල පහසුකම් නැති කරා පැය හතළිස් අටක්... ඇයි මේව කරන්නේ? මේක හොඳ දේ නරක දේ දන්නේ නැතුව පරිහරණය කරන්නේ... මට හරි දුක හිතුනා. එතුමාගේ මරණය පෙන්නුවා අන්තර්ජාලය වාහනය හැපිල කිසිම රටක මිනියක් පෙන්නන් නැහැ.

ෆෝන් එකේ කිසිම මනුස්සයෙක් මේ විදිහට. ඇයි  අපි මෙච්චර පල්ලෙහාට වැටෙන්නෙ.


මනුස්සයෙක් වැටුණාම ඉස්පිරිතාලෙ දාන් නැහැ ඒක පොටෝ ගගහ ඉන්නවා.
ඇයි මෙතැනට අපි යන්න‍ෙ මනුස්සකමයි මේ ලෝකේ ඕන
 ලෙඩෙක් හැප්පුනාම ලෙඩා ගෙනියන්න බෑ උසාවි ගිහිල්ලා සාක්කි දෙන්න වෙයි කියල.
මේ රත්තරන් නිශාන්ත මහත්මයගේ සහෝදරයෝ ටික ඔබතුමාලාගෙ හිතවතා ප්‍රියන්ත මහත්තයා ඉතාලියේ ඉන්න අපේ වීසා දෙන අපේ මහත්තයා මේ ඔක්කොම මගෙ යාළුවෝ ..දැන් ආයි මාර්තු මාසයේ  යනව අපි ලක්ෂ 45 ඉඩම් කෑල්ල ගන්න.


 මං කියන්නේ නැහැ. මෙතුමා සීයට සීයක් හොඳයි කියල. අඩුපාඩු තිබුණ තරුණයෙක්...
මහින්ද මහත්තය ඒ කාලෙ කරපුව කොහොමද.. පයින් ගහල සද්දෙ දාලා. හම්බන්තොට නටපු නාඩගම් ඒ කාලෙ අන්තර්ජාල නොතිබුණ හින්ද හොඳයි. තිස්ස පැත්තෙ චණ්ඩියා වගේනෙ මහින්ද ඒ කාලේ.
මේ කියන කවුරුත් කථාකරන්නෙ නෑ නේද මහ රෑ ගෙදට්ට වෙඩි තිබ්බ එක ගැන.ළමයි ඇඳ යට දාලා බේරගත්ත එක ගැන.“