A-group-of-children-missing-from-Ukraine-have-been-found-in-Russia

ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් පවසන්නේ රුසියානු ආක්‍රමණයේදී පැහැරගෙන ගිය බවට සැලකෙන යුක්රේන දරුවන් අට දෙනෙකු සොයා ගැනීමට හැකි වූ බවයි.
අතුරුදහන් වූ ළමුන් සොයා ගැනීම සඳහා රහස් පරීක්ෂකයින් 60 කට වැඩි පිරිසක් ඩිජිටල් ක්‍රම භාවිතා කළ අතර රටවල් 23 ක විශේෂඥයෝ හේග් හි යුරෝපෝල් මූලස්ථානයට එක්වූහ.

ඔවුහු අන්තර්ජාලයේ දරුවන්ගේ මෑත කාලීන පින්තූර සොයා ගැනීමට මුහුණු හඳුනාගැනීම් භාවිතා කළහ.

විමර්ශකයින්ට රුසියාවට හෝ බෙලරුස් වෙත යාමට නොහැකි වූ හෙයින්, භූ ස්ථානගත කිරීමේ විශේෂඥයින් ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණය කර ඔවුන් රැගෙන ගිය ස්ථානය තීරණය කිරීමට චන්ද්‍රිකා දත්ත භාවිතා කළහ. එම ජාල දත්ත විශ්ලේෂණයට දරුවන් කිහිප දෙනෙකු එකම ස්ථානයක සිටීද යන්න තහවුරු කර ගැනීමට හැකි විය.

EU හි පොලිස් ඒජන්සියේ රහස් පරීක්ෂකයින් දරුවන්ගේ ආරක්ෂාවට ඇති විය හැකි අවදානම් පිළිබදව පවසමින් සොයා ගන්නා ලද ළමුන් අට දෙනාගේ අනන්‍යතාව හෝ ඔවුන් සිටින ස්ථානය හෙළි නොකරයි.



2022 පෙබරවාරියේ දී ආක්‍රමණය ආරම්භ වූ දා සිට මේ දක්වා අවම වශයෙන් යුක්‍රේනියානු ළමුන් 19,500ක් පමණ රුසියාවට සහ රුසියානු යටත් විජිත ප්‍රදේශවලට බලහත්කාරයෙන් ගෙනගොස් ඇති බව කියෙව්හි ආන්ඩුව ඇස්තමේන්තු කර ඇති අතර , ඔවුන්ගෙන් 388 දෙනෙකු පමණක් ආපසු සිය රට බලා ගොස් ඇත.

2023 දී, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ ළමා අයිතිවාසිකම් කොමසාරිස් මාරියා ලෙවෝවා-බෙලෝවා යන අයට,  නීති විරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලදී.

රුසියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර , දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවදානමට ලක්විය හැකි ළමයින් යුද කලාපයකින් ගෙනගොස් ඔවුන් ආරක්ෂා කළ බව පවසයි.

යුක්රේන දරුවන් "ගලවා ගැනීම" ගැන කතා කරන Maria Lvova-Belova  ,  දරුවන් 730,000ක් පමණ රුසියාවට ගෙනවිත් ඇති බවත්, යුක්රේන අනාථ නිවාසවලින් ළමයින් 2,000ක් ඉවත් කර ඇති බවත් පවසන්නීය.



එක්සත් ජනපදයේ යේල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිටුවහල් කිරීමේ ක්‍රමය සිතියම් ගත කළ අතර ළමයින් බොහෝ විට නැවත අධ්‍යාපන කඳවුරුවල හෝ මනෝචිකිත්සක රෝහල්වල තබා ඇති බව සොයා ගත්හ.

රුසියානු බලධාරීන් විසින් යුක්රේනියානු දරුවෙකු හදා වඩා ගැනීම, ඔවුන්ගේ නම වෙනස් කිරීම සහ රුසියානු විදේශ ගමන් බලපත්රයක් නිකුත් කිරීම ආදී වූ ක්‍රියාවලිය පහසු කර ඇත.

මානුෂීය සංවිධානයක් වන Save Ukraine අවම වශයෙන් පැහැරගෙන ගිය යුක්රේන දරුවන් 95 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇති අතර එම ජයග්‍රහණ අගයමින් එම සංවිධානයට නෙදර්ලන්තයේ ජාත්‍යන්තර Four Freedoms සම්මානය ලැබෙනු ඇත.