
දෙරණ ටීවී නාලිකාවේ විකාශය වූ “සිඳු” ටෙලි නාට්‍යයේ ‘සෝරත පොඩි හාමුදුරුවෝ‘ චරිතයට පාසල් යන අතර සම්බන්ධව සිටි කවීෂ් විහඟ, සැබෑ ජීවිතයේ සංඝ ශාසනයට එක්වූ බව වාර්තා වෙයි.වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් රංගනයට පිවිස කවීශ් වසර 5ක්ම එම චරිතය රඟපෑවේය.කවීශ් අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.
ඒ පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමිනි.
මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.
මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුනට එක්වූ බව වාර්තාවේ.
‘ඒ ගොල්ලන් තෝරපු පාරට මං ඉඩදුන්නා.රගපාලා එයා ලබපු ජනප්‍රියත්වය ගෞරවය ඇත්තටම හාමුදුරු කෙනෙක් වුනොත් තවත් ලැබේවි කියලා හිතනවා‘ සමිද්ධිරතන පොඩි හාමුදුරුවන්ගේ මව පැවසුවාය.
සරණ පසුපස දුවපැන ඇවිදිමින් ප්‍රේක්ෂකයින්ට මතකයේ රැඳුණ පොඩිනමක් වූ කවීෂ් විහඟ, ඇත්තටම පොඩි හාමුදුරු නමක් වූයේය.

Comments
Post a Comment
Your comment will be visible after approval