africa-donket-trade-banned

සම් විකුණා මුදල් ඉපැයීම් පිණිස බුරුවන් මැරීමේ ම්ලේච්ඡ සම්ප්‍රදායක් අප්‍රිකාව පුරා පැවති අතර
හිංසනයට ලක්වූ සත්වයින් වෙනුවෙන් සත්ත්ව සුබසාධන පුණ්‍යායත ගනනාවක් සිදු කළ සටන් වැදීමෙන් පසුව
මතභේදයට තුඩු දී ඇති බූරු හම් වෙළඳාම අප්‍රිකාව පුරා තහනම් කරන්නට අප්‍රිකානු සංගමය අද තීරණය කර තිබේ.
එයට අනුව මහාද්වීපය පුරා රටවල් 55 ක බූරුවන්ගේ සම සඳහා ඝාතනය කිරීම නීති විරෝධී වනු ඇත.





සාම්ප්‍රදායිකව බූරු හම් වලින් සාදන ලද එජියාඕ Ejiao නම් පැරණි චීන ඖෂධයේ ජනප්‍රියතාවය නිසා සතුන්ගේ හම් සඳහා ඇති ඉල්ලුමද ඉහළ ගොස් තිබුණි.
Ejiao මගින් වයසට යෑම වැළැක්වීමේ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති බව ඇතැමුන් විශ්වාස කර තිබුණි, නමුත් මෙය ඔප්පු කර නැත. එය නිපදවන චීන සමාගම් චීනයෙන් ලබාගත් බූරුවන්ගේ හම් භාවිතා  කරමින් සිටි නමුත් චීනයේ සතුන්ගේ සංඛ්‍යාව පහත වැටුණු පසු  අප්‍රිකානු කලාපය තෝරාගෙන තිබේ.



ඉරිදා ඉතියෝපියාවේ පැවති අප්‍රිකානු සංගමයේ සමුළුව අවසානයේ අප්‍රිකානු රාජ්‍ය නායකයෝ තහනම අනුමත කළහ.
අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ බූරුවන් ගහනය විනාශ කරන්නට මෙම වෙළෙඳාම මෙහ්තුවී ඇති අයුර සමුළුවේදී සාකච්ඡාවට ලක්විය.

2016 සහ 2019 අතර, කෙන්යාවේ පමණක් සමස්ත බූරු ගහණයෙන් අඩක් පමණ වෙළඳාම සඳහා මරා දමා ඇත," සමුළුවේදී හෙළි විය.

මෙම තහනම මගින් "බූරුවන් සහ ඔවුන් මත යැපෙන“ මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සිදුවනු ඇතැයි විහ්වාස කෙරේ.
මිලියන 53ක් වන ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ සිටින්නේ අප්‍රිකාවේය. දුප්පත්ම, ග්‍රාමීය ප්‍රජාවන්හි ජනතාව ප්‍රවාහනයට, ජලය, ආහාර සහ වෙනත් භාණ්ඩ රැගෙන යාමට බූරුවන් භාවිතා කරයි.